අගමැති විශ්‍රාම ගැනීම ..?

ලංකාවේ ප්‍රවීන දේශපාලනඥයින් දෙදෙනෙකුගේ විශ්‍රාම ගැනීමක් පිළිබද කතා බහක් පසුගිය දින අසන්නට ලැබින. ඒ හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමත් වර්තමාන අගමැති හා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන ජීවිතයෙන් සමුගැනීමත් සම්බන්ධයි.

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව පලවූ ප්‍රවෘත්තිය පසුව නිවැරදි කරමින් ඔහු ඒක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් පමණක් ඉවත් වෙන බවට ප්‍රකාශ විය. මහමැතිවරණයේ දී ලැබු අන්ත පරාජයෙන් පසුව ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනි. පසුව ඒම පක්ෂයේ නීති ලේකම්වරයා ප්‍රකාශ කළේ ඔහුගේ ඒම ඉවත්වීම දෙසැම්බර් 31 පසුව සිදුවන බවයි.

ඒ පිළිබදව පැවති සාකච්ඡාව යට ගියේ වතමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලණයෙන් සමුගන්නා බවට පැතිර ගිය ප්‍රචාරය නිසාය. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වෙබ් අඩවියක් යැයි සැලකෙන ලංකා සී නිවුස් හි දින කිහිපයක් තිස්සේ මේ සම්බන්ධව ප්‍රවෘත්ති පළ විය. ඩේලි මිරර් පුවත්පතේ ද මේ සම්බන්ධව ලිපියක් පලවීමත් සමගම මේ පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. ඩේලි මිරර් ලිපියේ සදහන් වුයේ වත්මන් අගමැති 2022 දී විශ්‍රාම ගැනීමට සූදානම් වන බවයි. මේ අතර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍යවරැන්ගේ උපදෙස් හේතුවෙන්, පවුලේ තීරණයක් මත ඔහු මාස 18 කින් පසුව දේශපාලණයෙන් සමුගන්නා බවයි.

නමුත්, සී නිවුස් වෙබ් අඩවිය නැවතත් පවසන්නේ අගමැතිවරයා විශ්‍රාම ගැනීමක් සිදු නොවන බවයි. පසුගිය මහමැතිවරණයේ දී ආණ්ඩුවක් පත් කළේ අවුරැදු පහක් සදහා බවත්, ඉන් පෙර ඉවත්වීීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ඇගමැතිවරයා ප්‍රකාශ කල බවත් ඒහි සදහන්ය.

Social Sharing
නවතම