English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"වධහිංසාවත් , අතුරුදහන් කිරීමත් අතුරුදහන් විය යුතුයි" - එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝ්ජිතයින්

මෙරට නිල සංචාරයක යෙදුණු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ නිරික්‍ෂණයට අනුව,  ශ‍්‍රි ලංකාව තුළ සිදුවෙමින් පැවැති වධ හිංසාව නතර කිරීම අතින් යම්කිසි ප‍්‍රගතියක් අත්පත් කරගෙන සිටිය ද, වධ හිංසාව සහමුලින්ම නැතිකර දැමීම සඳහා පියවර ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවයිි.

උතුරේ යුද්ධය පැවති කාලය හා සංසන්ධනය කරන විට මානව හිමිකම් කඩකිරීම් සහ පුද්ගල වධහිංසා පැමිණවීම් යනාදියේ අඩුවීමක් පෙන්නුම් කරන අතර සිදුකරමින් සිටි වධහිංසාවල දරුණු භාවය අවම වී ඇතැයි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවාන් එන් මෙන්ඩෙෂ් පැවසීය.

අඩු මට්ටකින් හෝ තවමත් ශ‍්‍රි ලංකාව තුළ වධහිංසා සිදුවීම පිළිබඳව කණගාටුව ප‍්‍රකාශ කළ ජුවාන් මෙන්ඬේෂ් , යුද්ධය පැවති කාලසීමාව තුළදි අතුරුදහන් වීම් 16000 ක් සිදුවී ඇතැයි වාර්තාවී ඇති බැවින් එම සියලූ අතුරුදහන්වීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

වර්තමානයේදි පවතින තත්ත්වයත් සමග ශ‍්‍රි ලංකාව වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇතැයි පැවසු එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සිය සංචාරයේදි සොයාගත් කරුණු සහ සිය නිරික්‍ෂණ , නිර්දේශයන් ජීනිවා හි මානව හිමිකම් මුලස්ථානයට වාර්තා කරන බව ප‍්‍රකාශ කළේය.  

-මෙලනි




2016-05-09
Advertisement

Find us on Facebook