English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඉඩම් පත්තිරු විනාශ වෙලා නොව විනාශ කරලා !

ලංකාවේ ඇතැම් ප‍්‍රදේශවල විශේෂයෙන්ම කොළඹ හා අවට ප‍්‍රදේශවල ඇති වටිනා ඉඩම් බොහෝමයකට ව්‍යාජ ඔප්පු සාදා ඇති බවත්, රජයේ ආරක්‍ෂක අංශයේ ඉහළ තනතුරු දැරූ දැනට විශ‍්‍රාම ලබා සිටින ඇතැම් පුද්ගලයින් ඒ හා සම්බන්ධ බවත් ඔවුන් එම ඉඩම් බොහෝමයක අයිතිකරුවන් බවත් මානව හිමිකම් ක‍්‍රියාධර නීතිඥ ජගත් ලියනාරච්චි සඳහන් කරයි.

සැබෑ ඉඩම් අයිතිකරුවන් විසින් ඔවුන්ගේ ඉඩම් පිළිබඳව පසුකාලිනව සොයාබැලීමේදි එම ඉඩම්වල පත්තිරු විනාශ වී ගොස් ඇතැයි යන්න අදාළ කච්චේරි වලින් ලැබෙන පිළිතුරු වන බව සඳහන් කළ නීතිඥ ජගත් ලියනාරච්චි, එහෙත් එම ඉඩම්වල පත්තිරු විනාශවී ගොස් නොමැති බවත් එම ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් සැබෑ අයිතිකරුගේ ඔප්පු විනාශකර දමා, හොර ඔප්පු සඳා සිය පරිහරණයට ගෙන ඇති බව තමන් විසින් නීරීක්‍ෂණය කරනු ලැබ ඇතැයි සඳහන් කළේය.

ලංකාවේ ඉඩම් අයිතිය හා බැදුණු මූලික නීතිය පිළිබඳ දැනුවත් කිරීමකදී සහභාගිකයින් විසින් නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිය අත්දැකිම් ඔස්සේ එසේ පැහැදිළි කළ නීතිඥ ජගත් ලියනාරච්චි තවදුරටත් මෙසේ කීහ.



"සාමාන්‍යයෙන් ලංකාවේ තිබුණු වාතාවරණයට අනුව 1983 දී හා ඉන් පසුව බොහෝ දෙනෙකු විදේශ ගතවුණා. ඔවුන් සිය ඉඩම් මෙහි තබා ගියා මිස ඔවුන් සමග රැගෙන ගියේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් එම ඉඩම්වල අයිතිකරුවන් පැමිණ එම ඉඩම් පිිළිබඳව සොයාබැලීමේදි අදාළ පත්තිරු විනාශ වී ඇති බව තමයි ඔවුන්ට දැනගන්නට සිදුවන්නෙ. නමුත් එසේ පත්තිරු විනාශ වෙලා නෙවෙයි, කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් තමන්ගේ අවශ්‍යතාවය පරිදි අදාළ පත්තිරු විනාශ කර දාලා." යැයි නීතිඥ ජගත්  ලියනාරච්චි පැහැදිළි කළේය.
 
වෙනත් පාර්ශවයකට අයත් වටිනා ඉඩම් අල්ලා ගැනීමේ මෙම නීති විරෝධි ක‍්‍රියාව හා පොලිස් නිළධාරින් , පාතාලයේ සාමාජීකයින්, දේශපාලනඥයින් වැනි පුද්ගලයින් සම්බන්ධ යැයි ද සඳහන් කළ නීතිඥ ලියනාරච්චි, මේ වන විට කොළඹ හා කොළඹ අවට ප‍්‍රදේශවල ඉතාම වටිනා ඉඩම්වලින් පර්චස් 10-15 ප‍්‍රමාණයෙන් ඉඩම්වලට හිමිකම් කියන උසස් නිළ දැරු විශ‍්‍රාමික පොලිස් නිළධාරින් සිටින බව පැවසීය.



නිරන්තරව භාවිතයේ නොමැති සිය ඉඩම් පිළිබඳව මහජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු  යැයි ඔහු පෙන්වා දුණි.  

ලංකාවේ ඉඩම්වලට ඔප්පු ලබාදීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළේ 1919 වසරේදි යැයි ද ජගත් ලියනාරච්චි නිතිඥවරයා සඳහන් කළේය.

-මෙලනි



2016-05-07
Advertisement

Find us on Facebook