English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සංවර්ධන ව්‍යාපෘතින් කෙරෙහි අවධානය යොමුකිරීම පුරවැසියන්ගේ අයිතියක් !

"ශ‍්‍රි ලංකාව යළි යටත් විජිතයක් බවට පත්කරන්නට සුදානම් වන, සමස්ත ජනතාවම ණය උගුළක සිරකරවන , රටේ සම්පත් අයිතිය පිටරැටියනට පවරා දෙන මොනයම් ම හෝ  සංවර්ධන ව්‍යාපෘතින් කෙරෙහි සිවිල් ජනතාව විරුද්ධත්වය ප‍්‍රකාශ කළ යුතු යැයි" පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂක සජීව චාමිකර පවසයි.
 

ඔහු මෙසේ ප‍්‍රකාශ කළේ, ශ‍්‍රි ලංකාව සංවර්ධනය කිරීම සඳහා, වර්ථමාන රජය විසින් දියත් කිරිමට නියමිත සංවර්ධන උපාය මාර්ගයන් පිළිබඳව හා එහිදි ඉඩම්, ජලය, සංවර්ධනය හා සිවිල් ජනතාවගේ කාර්ය භාරය කුමක් විය යුතුද යන්න පිළිබඳව දිස්ත‍්‍රික්ක කිහිපයකම ඉඩම් අයිතිය සඳහා ක‍්‍රියාකාරී වන සිවිල් නායකයින් දැනුවත් කිරීමේ දෙදින වැඩසටහනකදීය.

ජාතික ධීවර සහයෝගිතාවයේ ප‍්‍රජා අභිලාෂී ඉඩම් අයිතිය සඳහා වන ක‍්‍රියාකාරි ජාලය විසින් සංවිධානය කර තිබෙන මෙම දෙදින(අපේ‍්‍රල් 06-07) වැඩමුළුව සඳහා ප‍්‍රජා අභිලාෂි ජාලයේ නායකයින් සහභාගී වෙයි.   

ජාතික සංවර්ධන සැලැසුමේ ඇති සංවර්ධන උපාය මාර්ගයන් තුළ ශ‍්‍රි ලංකාවේ භූමිය මෙන්ම සොබාවික පරිසරය ද සාගරය ද අති විශාල වශයෙන් අහිමිවී යන බවත් සැලැසුමේ ඇති වානිජ වගාවන් ආරම්භ කිරීම තුළ තව තවත් වකුගඩු රෝගීන්ගේ වර්ධනයක් ඇතිවන බවත් සජීව චාමිකර පැවසීය.



ශ‍්‍රි ලංකාව සංවර්ධනය කළ යුතු බවත් එහෙත් එම සංවර්ධනයේදි රටේ ජනතාවට භූමියට සොබාවික පරිසරයට/වනාන්තරවලට පමණක් නොව එහි ජීවත්වන ශත්වයින්ට ද අගතියක් නොවන ආකාරයෙන් එම සංවර්ධන කටයුතු දියත් කරන්නට බලධාරීන් වගබලා යුතු යැයි ද එසේ නොවන විට සිවිල් ජනතාව ඒ සඳහා බලපෑම් ඇතිකළ යුතු යැයි ද සජීව චාමිකර වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් , ශ‍්‍රී ලංකාව ලෝකයේ නාවික ගුවන් ආර්ථීක බලශක්ති සහ අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, භෞතික සංවර්ධන සැලසුමේ කෙටුම්පත් කර ඇත.  

-මෙලනි



2016-05-06
Advertisement

Find us on Facebook