English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සුදු වෑන් කරළියට එ්ම නැවැත්විය යුතුයි - අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව

යහපාලන ආණ්ඩුව බිහිවිමත් සමඟම, රාජපක්‍ෂ රෙජීමය පුරාවට ව්‍යාප්තව තිබුණු සුදු වෑන් සංස්කෘතිය යළිත් වරක් කරළියට පැමිණෙන්නට මාන බලන බවක් පසුගිය කාලසීමාව ගැන නිරීක්‍ෂණය කරන විට පැහැදිළි වන්නකි. මේ වන විට, සුදු වෑන් ක‍්‍රියාවලිය උතුරු නැගෙනහිර පළාත්වල දී කිහිප අවස්ථාවකදීම ක‍්‍රියාත්මක විය. සුදු වෑන් ක‍්‍රියාවලිය සංස්කෘතියක් ලෙසට යළිත් වරක් කරළියට පැමිණෙන්නට ගනිමින් සිටින මෙම උත්සාහයට විරෝධාතවය පළකර සිටින බවත් එය නැවැත්වීමට කටයුතු කළ යුුතු බවත් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පවසයි.

ඔහු මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වුයේ, පසුගිය කාලසීමාව තුළදී උතුරු නැගෙනහිර පළාත්වලදී හටගත් පුද්ගල පැහැර ගැනීම් සම්බන්ධයෙන්, සුදුවෑන් සංස්කෘතියට විරෝධය පාමින් අද එනම් මැයි 05 වෙනිදා අම්පාර දිස්ත‍්‍රික්කයේදි පැවැති විරෝධතාවයකදි ය. "පුදුම වැඬේ කියන්නේ, කිළිනොච්චිය, අම්පාර වගේම මීගමුවෙදිත් පැහැරගෙන ගිය පුද්ගලයින් දින කිහිපයකට පස්සේ එළියට එන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්. මේ ගැන අපිට ප‍්‍රශ්නයක්." යැයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ , "අපිට කමක් නැහැ, මත් ද්‍රව්‍ය වගේ නීතිවිරෝධි දේවල් පාවිච්චි කරපු කෙනෙක් , ස්තී‍්‍ර දුෂණයක් , අපරාධයක් කරපු කෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්තට. නමුත් මේ විධියට නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් පැහැරගෙන යන්න අවශ්‍ය නැහැ. නීතියට අනුව සැකකරන පුද්ගලයාව ප‍්‍රසිද්ධියේ අත්අඩංගුවට ගැනීම තමයි කවුරුත් අනුමත කරන්නේ. මේ විධියට මිනිස්සුන්ව පැහැරගෙන යාම ගැන අපි අපේ දැඩි විරෝධය මෙසේ් ප‍්‍රකාශ කරනවා." යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පැවසීය.

නැවත කරළියට පැමිණෙන්නට උත්සාහා ගනිමින් සිටින නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් පැහැර ගැනීම සම්බන්ධයෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සාමකාමි උද්ඝෝෂණයක් පැවැත්වු අතර, දිස්ත‍්‍රික් ලේකම්වරයා සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත වත්මන් තත්ත්වය හුවා දක්වමින් මෙකි නීති විරෝධී පොලිස් පැහැරගැනීම් සම්බන්ධයෙන් විධිමත් පරික්‍ෂණයක් පවත්වන ලෙසට අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව සංදේශයක් භාර දී ඇත.

 -මෙලනි



2016-05-05
Advertisement

Find us on Facebook