English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඉදිරි මැතිවරණයේදි, මේ ඉන්න නායකයා පරාජය කල යුතුයි !
"ඉඩම් කොල්ලය නවතා අවතැන්වුවන් මුල් බිම්වල යළි පදිංචි කරනු !" යන තේමාව යටතේ, ජාතික ධීවර සහයෝගීතාවය විසින්, ඊයේ (ජුලි 15) යාපනය වීරසිංහම් ශාලාවේදි පවත්වන්නට යෙදුණු උතුරේ-දකුණේ පිඩාවට පත්වු ජනතාවගේ හමුවේදි, අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා සිදුකළ දෙසුමෙන් උපුටාගත් අදහස් කිහිපයක් පහත දැක්වේ.
 
"අද ආණ්ඩුව බයයි අපේ රටේ මිනිස්සුන්ට .මිනිස්සු ඉස්සරහට ඇවිත් හයියෙන් ප‍්‍රශ්ණ අහනවාට ආණ්ඩුව බයයි. ආණ්ඩුව අපව බය කරන්න හදනවා. මේක මහා බියගුලූ ආණ්ඩුවක්. ආණ්ඩුව උසාවි නියෝග කඩා දමනවා. අද අපට යන්න එපා කියද්දි, අපි බස් නැවතුම්පොළට ගියා. පොලිසිය ඇවිත් අපට කියනවා විරසිංහ ශාලාවෙයි රැුස්විම තියෙන්නේ, එතෙන්ට යන්න කියලා."  

"උතුරේ මිනිස්සුන්ව මැරුවා බලහත්කාරයෙන් අතුරුදහන් කලා අද දකුණේ සිදුවෙන්නෙත් ඒකම තමා. 1989 අතුරුදහන් වු මිනිස්සු හොයන්න පාරට බැහැලා දින ගනන් කෑගහලා ඒ වෙනුනෙන් ජිනිවා ගිය කාලකන්නි නායකයා අද උතුරේ දකුණේ මිනිස්සු අතුරුදහන් කරනවා, දෙපිටකාට්ටු මිනිහා."
 
"එදා දකුණේ මිනිස්සු හිතුවේ, මැරුවේ එල් ටි ටි ඊ උන් කියලා,  අද දකුණේ කරන්නෙත් ඒකමයි."

"පහුගිය වසරේ සැප්තෑම්බර් මාසේ දෙවෙනිදා අනුරාධපුරේ තරුණයෙක් අතුරුදහන් කලා. ඔහුගේ බිරිඳ තමන්ගේ ස්වාමිපුරුෂයාව සෙවීමේ සටනේ නිරතවෙලා ඉන්නවා. නමුත් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ පිරිසක් ඇවිදින් තර්ජණය කරනවා, උඹ මිනිහව මේ විධියට හොයනඑක නවත්වපන්. නැත්නම් උඹත් මැරෙන්න ලැස්ති වෙයන් කියලා."

"පසුගිය කාලේ උතුරේ මිනිස්සු අතුරුදහන් වෙද්දි, මැරෙද්දි දකුණේ සිංහල මිනිස්සු සිංහ කොඩියෙන් අමුඬේ ගහගෙන කිරිබත් කෑවා. එත් අර්ථසාධක අයිතිය ඉල්ලූ රෝෂේන්ට වෙළදකළාපේ දි වෙඞ්තිබිබා, හලාවත දි ධිවරයින්ගේ අයිතිය වෙනුවෙන් පාරට බැහැපු  ඇන්ටනිට වෙඞ් තිබිබා. රතුපස්වල වතුර ඉල්ලපු තරුණයන් වෙඩි තියලා මැරුවා."

"එදා උතුරේ කරපු දේ , අද දකුණේ කරනවා. ඉතිහාසය පුරාම සිංහල නායකයෝ කලේ බලය ගත්තට පස්සේ දෙමළ මිනිස්සුන්ට අසාධාරණය කරපු එකයි."
 
"ඉදිරි මැතිවරණයේදි, ෙමි ඉන්න නායකයා පරාජය කල යුතුයි. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ. අපේ දරුවෝ අතුරුදහන් උනාකියලා කියන්නත් බැරිනමි මොන නිදහසක් ද? අපිට නිදහසේ හුස්ම ගන්නවත් බැහැ."

"උතුරේ හිටපු ආණ්ඩුකාරවරයා, චන්ද්‍රසිරි ආණ්ඩුකාරයාව නැවතත් පත්කර තිබෙනවා. උසාවියේ නිතිවිරෝධි නිති කඩකිරිමේ අයිතිය අපට තියෙන්න  ඕනා."

"අද මොනතරමි දුෂ්කරතා මැදද අපි ෙමි ශාලාවට එකතු වුනේ ? උතුරු නැගෙනහිර මිනිසුන්ව එකතු කරන ප‍්‍රතිපත්ති සහිත ආණ්ඩුවකට අපි වැඩකල යුතුයි. සිංහල දෙමළ මිනිස්සුන්ගේ එකතුවක් සකස්කළ යුතුයි."




2014-07-16
Advertisement

Find us on Facebook