English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිංහල ජනතාව දමිළ ජනතාවගේ ප‍්‍රශ්න තේරුම්ගන්නවාට ආණ්ඩුව කැමති නැහැ !
ඊයේ (ජුලි 15) යාපනයේදි පවත්වන්නට සංවිධානය කරතිබුණු සත්‍යග‍්‍රහය පොලීසිය විසින් උසාවි නියෝගයක් ගෙන නවත දැමු අතර ඊට විකල්පයක් ලෙසට යාපනය වීරසිංහම් ශාලාවේදි ජනතා හමුවක් පැවැත්වු අතර එහිදි දමිළ ප‍්‍රජාව නියෝජනය කරමින්් දමිළ දේශපාලනඥයින් සහ සිංහල ජනතා නියෝජිතයින්ද කිහිප දෙනෙකුම අදහස් ප‍්‍රකාශ කළහ.

දමිළ ජාතිකයින්ගේ ප‍්‍රශ්න ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සිටිමින් සංවිධානය කළ සාමකාමි සත්‍යග‍්‍රහය ආණ්වේ බලධාරින් විසින් ඉතා කුරිරු ලෙසට නවතා දැමිම, සත්‍යග‍්‍රහ සංවිධානය කළ ජාතික ධීවර සහයෝගිතාවය පෙන්වා දුන්නේ පවතින ආණ්ඩුවේ කුරිරුකම මෙන්ම මහජනතාවගේ සංවිධාන ශක්තියට ඔවුන්ගේ ඇති බියගුළු කමත්ය.

”ජනතාව සංවිධානය වනවාට ආණ්ඩුව භයයි. ඒ නිසා තමයි මහජනයා වෙනුවෙන් ක‍්‍රියාකාරිවන, ජනතාවගේ ප‍්‍රශ්නවලට මැදිහත්වන ක‍්‍රියාධරයින් , සැබෑ මහජන නියෝජිතයින්ට තර්ජනය කරලා, බියගන්වලා නිශ්ශබ්ද්ධ කරන්නෙ. එ් නිසා තමයි මෙපමණ කාලයක් අපත් සමඟ ඉතා හොඳින් සම්බන්ධකම් පවත්වා ගනිමින් කටයුතු කළ යාපනය දිස්ත‍්‍රික්කයේ මහජන ක‍්‍රියාධරයින්ට තර්ජනය කරල නිශ්ශබ්ද කරවලා තියෙන්නෙ.”යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැනෙහිර සාම වැඩසටහනෙහි සම්බන්ධීකාරක ඇන්තනි ජේසුදාසන් අයිතියට කීහ.

දහසකට ආසන්න වු රැුස්ව සිටි පිරිස අමතමින් දමිළ දේශපාලනඥයින් කිහිප දෙනෙකුම කෙටි දෙසුම් පැවැත්වු අතර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශිවඥනම් ශ‍්‍රීධරන් සභාව අමතමින් පැවසුවේ, ”බහුතරයක් දමිළ වැසියන් තවමත් ජීවත්වන්නේ අවතැන් කඳවුරුවල. කඳවුරුවල සිටියත් නිදහසේ ජිවත්වන්නට බැහැ. තමන්ගේ ප‍්‍රදේශවල නිදහසේ ජීවත්වෙන්නට බැහැ. මේ මිනිස්සුන්ගේ මානව හිමිකම් ඉතා හොඳින් උල්ලංඝණය වෙනවා. සිංහල ජනතාව විසින් දෙමළ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න තේරුම්ගන්නවාට, තේරුම් අරගෙන සහය දක්වනවාට මේ ආණ්ඩුව කැමැති නැහැ. එ් නිසා තමයි තහනම් නියෝග පනවන්නෙ. මේ ආණ්ඩුව තේරුම් ගන්නට අවශ්‍යයි, සිංහල මිනිස්සුන්ට වගේම දෙමළ අපටත් නිදහසේ ජිවත්වෙන්න අයිතියක් තිබෙනවා කියලා. අපිව තේරුම් ගන්න උත්සාහා කරන සිංහල මිනිසුන්ව මෙහෙම මර්ධනය කරන එක සුදුසුද නැද්දකියලා රජය තේරුම් ගතයුතුයි.” යනුවෙන් මන්ත‍්‍රි ශ‍්‍රිධරන් පැවසීය.

"උතුරේ ජනගහනය දශලක්‍ෂයයි. ශ‍්‍රි ලංකා රජයේ හමුදාව ලක්‍ෂ දෙකයි. ඉන් එක් ලක්‍ෂ පනස්දහසක් ම (150000) සිටින්නෙ උතුරු ප‍්‍රදේශවල. එසේනම් උතුරේ පවතින හමුදාකරණය කෙසේද ? යුද්ධයෙන් වැන්දඹු වු කාන්තාවන්ම අසූහතරදාහක් (84000)සිටිනවා නමුත් ඔවුන් වෙනුවෙන් ,ඔවුන්ගේ ජීවිත ගොඩනඟන්නට කිසිම පියවරක් අරගෙන නැහැ. සිංහල හමුදාවේ යුද්ධයෙන් මියගිය සෙබළුන් සිහිකරන්න තැන තැන ස්මාරක සහ සිහිවටන. නමුත්, අපේ අහිංසක දෙමළ මිනිහෙක් සිහිපත්කරන්න නිදහසක් නැහැ. අයිතියක් නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුව, දෛනිකව උතුරේ දෙමළ ජනතාව හමුදාකරණය තුළ සිරකරගෙන ඔවුන්ගේ නිදහස සීමාකර තිබෙනවා.” යැයි දෙමළ  ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි මෙන්ම මාධ්‍ය ප‍්‍රකාශක සුරේශ් පේ‍්‍රමචන්ද්‍රන් සභාම අමතමින් ප‍්‍රකාශ කළේය.

සමස්ත උතුරු පළාතේම සීග‍්‍ර බෞද්ධාගමීක පරිසරයක් ගොඩනැඟමින් පවතින බවත්, අනාගතයේදි දමිළ ජනතාවට ද සිදුවන්නේ  බෞද්ධයින් ලෙසට මියයන්නටැයි තවත් දමිළ මන්ත‍්‍රිවරයෙකු පැවසුවේය.

උතුරේ ජනතාව සමඟ සහයෝගීතාවය දක්වමින් දකුණෙන් පැමිණ සිටි ජනතාව නියෝජනය කරමින් පුජ්‍ය බැඳිවැව දියසේන හිමි ද, ගරු රීඞ් ෂෙල්ටන් පියතුමා ද අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ මීගමුව ශ‍්‍රී විමුක්ති කාන්තා සංවිධානයේ සම්බන්ධීකාරික මිලිනා කුමාරි යන අය ද කෙටි දෙසුම් පැවැත්වුහ.

දෙමළ ජනතාවගේ නිදහස සීමාකරමින් ආණ්ඩුව විනාශකර දමන්නේ දෙමළ ජනතාවගේ ගෞරවය සහ අභිමානය යැයි සඳහන් කළ පුජ්‍ය බැඳිවැව දියසේන හිමි,”අපි මෙසේ කථාකරන විට ආණ්ඩුව අපට කියන්නේ අපි දේශද්‍රෝහින් බවයි. එවැනි කියමන් තමන්වහන්සේ විසින් ගනන් නොගන්නා බවත් ඉදිරියටත් දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි උන්වහන්සේ පැවසුහ.”

”අපට තහනමි නියෝග දැමිමට අපි පසුබහින්නේ නැහැ. උතුරේ කාන්තාවන් වන ඔබ දුක්විදිනවා. ඔබ නිදාගෙන හිටියා ඇති, නැගිටලා දකුණේ කාන්තාවන් සමග එකතුවෙලා අපි වැඩකරමු. ඔෙබි ඉඩමි ලබාගන්න අපි එකතුවෙලා සටන් කරමු. ”මගේ ඉඩම මට  ඕනේ අපේ අයිතින් ඉල්ල ගන්න අපි පාරය බහින්න  ඕනේ. තවදුරටත්. අපිට කුස්සියට පමණක් සිමාවෙලා ඉන්න බැහැ.” යනුවෙන් පැවසුවේ ශ‍්‍රී විමුක්ති කාන්තා සංවිධානයේ සම්බන්ධීකාරිකා මිලිනා කුමාරිය.



2014-07-16
Advertisement

Find us on Facebook