English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


NGO මර්දනයට එරෙහිව විරෝධතාවය ජුලි 17 සවස 4 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිටදි

මාධ්‍යකරුවන් සහ සිවිල් සාමාජ ක්‍රියාධරයන් මර්ධනය කිරිම ඉලක්ක කොට ගෙන ක්‍රියාත්මක රාජ්‍ය වැඩපිළිවෙලට විරෝධය පළකරමින් සිවිල් සමාජ සංවිධාන සහ මාධ්‍ය සංවිධාන විසින් 2014 ජුලි 17 වනදා සවස 4 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිටදි විරෝධතාවක් සංවිධානය කොට ඇත.

විරෝධාතාවයේදි බෙදා හැරිමට නියමිත පත්‍රිකාව

සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය මර්ධනයට ආරක්ෂක අමාත්‍යංශයේ උත්සාහය පරදවමු.

2009 වසරේදී වාර්ගික යුද්ධය තීරනාත්මක ලෙස අවසන් වූ පසු ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා රැගෙන යාමට වර්තමාන ආණ්ඩුවේ සිහිනය විය.

ඒ සිහිනය සැබෑකරගැනීමට හමුදාව යොදවා එළවලු විකිනීම සිවිල් ආරක්ෂක භටයන් යොදවා ගොවිපල පවත්වාගෙනයාම සරසවි සිසුන්ට හමුදා. පුහුණුව ලබා දීම විදුහල් පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදී කර්නල් වරුන් බවට පත්කිරීම වැනි  කටයුතු වල යෙදෙන බව අපට පෙනෙයි. 

ආසියාවේ ආශ්චර්ය කරා ශ්‍රී ලංකාව රැගෙන යන ගමනට ඇති බාධකය ලෙස වර්තමාන ආණ්ඩුව හඳුනාගෙන ඇත්තේ රටේ ක්‍රියාත්මක වන රාඡ්‍ය නොවන සංවිධාන ඡාලය සහ විකල්ප මාධ්‍ය භාවිතාවක යෙදි සිටින මාධ්‍ය ක්‍රියාකාරින් සහ ඔවුන්ගේ සංවිධානයි.


යුද්ධයට පෙර සහ පසුව විවිධ ආකාරයේ බධා මගින් රාඡ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීත්වය අඩපන කිරීමට කටයුතු කරමින් සිටින බව කවරුත් දන්නා සත්‍යයකි. මේ සම්බන්ධයෙන් ඇති සමීපම අත්දැකීම වන්නේ ජූලි මාසයේ රාජ්‍යනොවන සංවිධාන පිලිබද ලේකම් කාර්යාලය විසින් රාජ්‍යනොවන සංවිධාන වලට යොමුකරනලද චක්‍රලේඛනයයි.


ඒමගින් නියෝග කරතිබුනේ රාජ්‍යනොවන  සංවිධාන තම විෂය පථය ඉක්මවා කටයුතුකරන බවත් ඒ අනුව මාධ්‍යවේදීන් හට පුහුණු  වැඩසටහන් වැඩමුලු පැවැත්වීම පුවත් පත් නිවේදන නිකුත් කිරීම සහ පුවත්පත් සාකච්ඡා පැවැත්වීමෙන් වැලකිය යුතු  බවත් සියලුම රාජ්‍ය නොවන සංවිධාන තම විෂය පථය අනුව කටයුතු කලයුතු බවත්ය.


ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධාන ලෙස අප කියා සිටිනු ලබන්නේ රාජ්‍යනොවන සංවිධාන පිලිබඳ ලේකම් කාර්යාලය තම විෂය පථය ඉක්මවා කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  3 වන පරිච්ඡේදයේ 14 වන වගන්තිය යටතේ  දක්වා ඇති මූලික අයිතිවාසිකම් අනුව සියලුම පුරවැසියන්ට.....

භාෂනයේ හා ප්‍රකාෂනයේ නිදහස ඇතුලත් අදහස් පලකිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට, සමාගමයේ නිදහසට අයිතිය ඇත.

ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරඇති අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් චක්‍රලේකයක් නිකුත්කිරීමට රාජ්‍යනොවන සංවිධාන පිලිබඳ ලේකම් කාර්යාලය පියවර ගැනීම අප දකින්නේ තම බලය අතික්‍රමනය කරමින් කරනු ලැබූ ක්‍රියාවක් ලෙසයි.

මෙම මර්ධනකාරී සිදුවීම් හමුවේ මහජනතාව දැඩි නිහඬතාවයක ගිලීසිටිනු අපට පෙනීයයි.
ජනතාවට සත්‍ය තොරතුරු හෙලිකරනු ලබන මාධ්‍යවේදින් සඳහා අධ්‍යාපන වැඩමුලුවක් පැවැත්වීමට පවා ඉඩනොදෙන වාතාවරනයක් ඇතිබව අපට පසක්වන්නේ පසුගිය කාලයේ එවැනි වැඩමුලු සංවිධානාත්මකව කඩාකප්පල් කලබවට අත්දැකීම් රැසක් ඇති නිසාය.

මෙම තත්වය හමුවේ අපට උපකල්පනය කිරීමට සිදුවන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීමට රජය දැඩිලෙස උත්සාහ දරන බවක්ය. මෙම ගමන අවසානයේ ඉතිරිවීමට නියමිතව ඇත්තේ ඒකාධිපති පාලනයකට යටත්වූ හිරිවැටුනු සමාජයක්ය.

ජාත්‍යන්තර තලයේදී  සිවිල් සමාජය සමග සහයෝගයෙන් කටයුතු කරන බවටත් සමාජයේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරකින බවටත් බොරු පොරොන්දු දෙමින් වර්තමාන රජය ගෙනයනු ලබන මෙම ක්‍රියාවන් තුලින් රජයේ දෙබිඩි පිලිවෙත මනාව හෙලිදරව් කරන බව පැහැදිලිය.

වර්තමාන සමාජයේ සිදුවන සිදුවීම් පිලිබඳව අදහස් පලකිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් ඇති අතර එය නීතියට පටහැනිනම් ඒ පිලිබඳව නීතිමය පියවර ගැනීමට රජයට කිසිදු අපහසුතාවයක් නැත.

නමුත් මෙවැනි අත්තනෝ මතික නීති විරෝධි නියෝග මගින් පිලිබිඹු කරනු ලබන්නේ රජය මගින් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රක අයිතිවාසිකම් හා ප්‍රජාතාන්ත්‍රික අවකාශය අත්තනෝමතිකව සීමාකිරීමට පියවර ගනිමින් ඇතිබවයි.

මෙම තත්වය යටතේ ශ්‍රි ලංකාවේ රාජ්‍යනොවන සංවිධාන ලෙස අපකියාසිටිනු ලබන්නේ තවදුරටත් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිලිබඳව පෙනීසිටීමට බියනොවන බවත් මෙවැනි මර්ධනකාරී නියෝග තරයේ හෙලාදකින බවත්ය.

එබැවින් අප රජයට බලකරමින් කියාසිටිනු ලබන්නේ පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතින්ට ගරුකරන ලෙසත්  මෙවැනි මර්ධනකාරී නියෝග හකුලාගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැපවන ලෙසත්ය.



2014-07-16
Advertisement

Find us on Facebook