English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යෝෂිත රාජපක්‍ෂ පරීක්‍ෂණ දිගටම !

හිටපු ජනාධිපති මෙන්ම වර්ථමාන කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්ද රාජපක්‍ෂගේ පුත‍්‍ර, හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු වු යෝෂිත රාජපක්‍ෂ සම්බන්ධ නාවික හමුදා විමර්ශන කටයුතු අවසන් වී නැතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර්් ජයනාත් ජයවීර අද (27දා ) පැවති මාධ්‍ය හමුවකදි ප‍්‍රකාශ කළේය.

2016 පෙබරවාරි මාසේ 29 වෙනිදා වැඩ තහනමකට ලක්වුණු යෝෂිත රාජපක්‍ෂ කෙඩෙට් නිළධාරියෙකු ලෙසට නාවික හමුදා සේවයට බැදෙන්නට ඔහුට අවශ්‍ය කරන සුදුසුකම් තිබුණිද යන්න පිළිබඳවත් සිය සේවා කාලය තුළදී ඔහු විසින් සිදුකරන්නට වු විදේශ ගමන් පිළිබඳව නිසි අවසර අනුමැති ලබාගනිමින් සිදුකළේද යන්න පිළිබඳවත් යන දෙයාකාරයෙන් එම විමර්ශන කටයුතු සිදුකෙරෙන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.


නාවික හමුදා ලූතිනන්වරයෙකු වු යෝෂිත රාජපක්‍ෂ හට එල්ලවු චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ වන විට අධිකරණ ක‍්‍රියාවලියක් සිදුවෙමින් පවතින බැවින් එම අධිකරණ කටයුතු නිමවු වහාම නාවික හමුදාවෙන් පැවැත්වෙන පරික්‍ෂණ සඳහා යළිත් ඔහු අමතනු ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

-    මෙලනි




2016-04-27
Advertisement

Find us on Facebook