English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය බලය සහ රාජ්‍ය වත්කම් සර්ව සාධාරණීය ලෙසට !

තව දින 4කින් ලංකාව තුළ රාජ්‍ය බලය භාවිතා කිරීමත් රාජ්‍ය වත්කම් පරිහරණය කිරීමත් යන කාරණා නව ආකාරයකින් දියත් කරමින් රටේ සහ ජනතාවගේ යහපත උදෙසා නව දේශපාලන තීන්දු රැසක් ගැනීමට මැයි මස පළමුවෙනිදායින් පසුව තමන් තීරණය කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශකරයි.
 
මෙරට තුළ ජීවත්වන ජනතාවගේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරමින් දුෂණයෙන් හා වංචාවෙන් තොරව රට ඉදිරියට ගෙනයාම සහ වංචා දුෂණ සිදුකරමින් රාජ්‍ය වත්කම් බලය අනිසි ලෙසට භාවිතා කළ දුෂිත පාලනයන් නැවත රටේ බලයට පැමිණීම වැළැක්වීමට තමන් ගනු ලබන එම තින්දු තීරණ වැදගත් වනු ඇතැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කළේ ඊයේ එනම් අපේ‍්‍රල් 25 වෙනිදා පෙරවරුවේදි මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතියේ් පළමු අදියර සහ දෙවන අදියර ජනතාවට පැවරීමේ උත්සව සභාව ආමන්ත‍්‍රණය කරමිනිි.

නිදහස් රටක් මෙන්ම යහපාලනයක් අපේක්‍ෂාවෙන් නව රජය බලයට පත්කිරීම සඳහා ඡන්දය ලබාදුන් ජනතාවගේ අපේක්‍ෂා බිඳවැටීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවට ද ජනාධිපතිවරයා අවධාරණ කළේය.

-    මෙලනි




2016-04-26
Advertisement

Find us on Facebook