English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තහනම නොතකා ඊයේ යාපනයේ උද්ඝෝෂණයට මහ සෙනගක්
යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් විසින් ලබාදුන් තහනම් නියෝගය මත යාපනය නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග‍්‍රහය සාර්ථකව පැවැත්වීමට නොහැකි වුවත් විවිධ බලපෑම්, බියගැන්වීම් හා අසත්‍ය ප‍්‍රචාරයන් හමුවෙත්, යාපනය වීරසිංහම් ශාලවේ පැවති විරෝධතා රැස්වීමට ඊයේ (ජුනි 15) විශාල ජන සහභාගීත්වයක් ලැබී තිබීම විශේෂත්වයකි.


මෙම සත්‍යග‍්‍රහයට සහයෝග දැක්වීම සදහා සහභාගී වූ කතෝලික පියවරුන් හා කන්‍යා සොයුරියන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති නායකයන් හා සමාජ කි‍්‍රයාකාරීන් පිරිසක් මෙම තහනම නොතකා යාපනය බස් නැමතුම්පොල ඉදිරිපිට දී නිහඩ විරෝධතාවයක් පවත්වනු ලැබූ අතර ඉන් පසුව රැස්වීම් ශාලව වෙත පා ගමනින් පිටත්ව යනු දක්නට ලැබුනි.

මෙම විරෝධතා රැුස්වීම අමතා දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශී‍්‍ර ධරන්, උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව වාමාංශික පෙරමුණේ නියෝජිතයන් හා පුජ්‍ය බැදිවැව දියසේන, රීඞ් ශේල්ටන් පියතුමා, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, කුමාරි ප‍්‍රනාන්දු, ජේසු දාසන් ඇතුලූ අය අදහස් දැක්වුහ. මෙම අවස්ථාව සදහා පාර්ලිමේනතු මන්තී‍්‍ර මාවෝ සේනාධිරාජා, පළාත් ඇමති ආනන්දි සසිදරන් ඇතුලූ උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරු සහභාගී විය.

යුද්ධයෙන් අවතැන්වූවන්ට මෙතෙක් ඉඩම් නොලැබීම, භුමිතෙල් සහනාධාරය නොලැබීම හා ඉන්දීය ට්‍රොල්ර් යාත‍්‍රා නිසා තම රැකියාව අභියෝගයට ලක්ව ධීවරයන් මුහුණ දෙන ගැටලූ, ආගමික සහජීවනය ගොඩනැගීම යන මූලික කරුණු පිලිබදව රජයේ අවධානය යොමු කරන ඉල්ලා යාපනය නගරයේ පැවැත්වීමට සුදනම් කර තිබු උද්ඝෝෂණය හා සත්‍යග‍්‍රහය වැලැක්වීමට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුනි.

මේ අතර ඊයේ උද්ඝෝෂණය සදහා කොළඹ හා මීගමුව ප‍්‍රදේශයෙන් සහභාගී වූ කි‍්‍රයාධරයන් ගමන් ගත් බස් රථ රියදුරන්ට හා එහි අයිතිකරුවන්ට විවිධාකාරයේ තර්ජනයක් එල්ල වී තිබුනි. මෙම බස් රථවලට පහරදීමට පිරිසක් සුදානමින් සිටින නිසා බස් රථවලට ආරක්ෂාව ලබා දිය නොහැකි බව පොලිස් අධිකාරිවරයෙකු තමන් වෙත දැනුම් දුන් බව පවසමින් රියදුරන් බස් රථ රැගෙන ආපසු යාමට සැරසුනු අවස්ථාවේ මෙහි සංවිධායකයන් විශාල පරිශ‍්‍රමයක් දරමින් ඔවුන් වලකා ලීමට සිදු විය.

රැස්වීමෙන් පසුව නැවත ආපසු එන ගමනේ දී ද මෙම බස් රථ ගමන් ගත් මගීන් විශාල වශයෙන් රස්තියාදු කරනු ලැබු අතර, එලිපට්පාස් හි දී මෙම සියලූ බස් රථ නවතා එහි සිටි සියලූම දෙනාගේ නම් ලිපිනය හා හැදුනුම්පත් අංක සියල්ල ලියා ගනු ලැබීය. මේ සදහා විශාල කාලයක් ගත වූ අතර, ඉන් පසුවත් මෙම බස් රථ නැවත පිටත් නොකර ඉහල නිලධාරියෙකු පැමිණෙන ලෙස නවතින ලෙස කරනු ලැබු දැන්වීම නිසා එහි සිටි පිරිස ඊට විරෝධය පලකරනු ලැබීම නිසා එම ස්ථානයෙන් පිටත් වීමට අවස්ථාව ලබා දෙනු ලැබුනි.

නමුත් නැවත බස් රථයට ගොඩවන අස්ථාවේ සිවිල් ඇදුමින් එහි පැමිණි උස්ස හමුදා නිලධාරියෙකු යැයි කියු තැනැත්තෙක් පවසා සිටියේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට ලැබුනු වැරදි තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදුව ඇති බවයි. එවිට එහි සිටි සංවිධායකයින් පවසා සිටියේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමේ අයිතියක් තමන්ට ඇති බවත්, ඒ සදහා මෙවැනි බාධාවන් කිරීම හමුදාවට උචිත නොවන බවයි. ඉන් පසුව හමුදා නිලධාරියා පවසා සිටියේ හමුදාවට විරුද්ධව කි‍්‍රයා මාර්ග ගන්නා බවට තොරතුරු ලැබී තිබූ නිසා මෙසේ පරීක්ෂාවට ලක් වු බවයි. එවිට එහි සිටි මගීන් පවසා සිටියේ ඔබට වැරදි තොරතුරු ලැබී තිබේ නම් එය නිවැරදි කර ගැනීම ඔබට අයත් රාජකාරියක් වන බවත්, මෙවැනි රස්තියාදු කිරීම නොකළ යුතු දෙයක් බවත්ය. පසුව නවතා ගෙන තිබු සියලූ බස් රථ වලට යාමට අවස්ථාව ලබා දෙන ලදී.

නැවත සියලූම දෙනාගේ හැදුනුම් පත් පරීක්ෂාවක්  ඕමන්ත මුරපොලේදී ද සිදු කරනු ලැබු නමුත් ඉහත ආකාරයෙන් විශාල රස්තියාදුවක් එහි දී සිදු නොවුනි. මෙම උද්ඝෝෂණය ජාතික ධීවර සහයෝගීතාවය ඇතුලූ සිවිල් සංවිධානය කිහිපයක් විසින් සංවිධානය කර තිබුනි.




2014-07-16
Advertisement

Find us on Facebook