English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පූජිත් ජයසුන්දර මංගල මාධ්‍ය හමුව - බලාපොරොත්තු කිහිපයක් !
ශ‍්‍රි ලංකාවේ 34 වන පොලිස්පති ලෙසට තේරිපත් වුණු පූජිත් ජයසුන්දර තම ධුරයේ රාජකාරි ආරම්භකිරීමෙන් පසුව 22දා, සිය මංගල මාධ්‍ය හමුව පැවැත් වු අතර එහිදි සිවිල් ජනසමාජයට බලාපොරොත්තු තබාගැනීමට හැකි ශක්තිමත් කථා කිහිපයක් ම ඉදිරිපත් කළේය.

"අවශ්‍ය පහසුකම් ලබා දීලා එෆ් සී අයි ඞී ය දිගටම පවත්වාගෙන යනවා. මොකද ඒක මහජනතාවගේ අවශ්‍යතාවයක්. එෆ් සී අයි ඞී ය තියෙන්නේ පෞද්ගලික කොන්ත‍්‍රාත් ක‍්‍රියාත්මක කරන්න නෙවෙයි. රජයේ මුදල් හා දේපොළ අවභාවිතා කරන්නන්ට එරෙහිව අපි එෆ් සී අයි ඞී ය ක‍්‍රියාත්මක කරනවා." යැයි නව පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම , යහපාලන ආණ්ඩුව තුළ ආරම්භකළ එහෙත් මන්දගාමිව ක‍්‍රියාත්මක වනවා යැයි ජනතාවට පෙනෙන විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කළේය.


"ඉක්මනින් මේ කටයුතු සිදුවිම ජනතාවගේ බලාපොරොත්තුවක්. නමුත් ඉක්මනින් හැම දෙයක්ම කරන්න බැහැ. පියවරෙන් පියවර තමයි ඒ හැම දෙයක්ම කරන්න වෙන්නෙ. සාක්‍ෂි රැස්කරගන්න  ඕනෙ. නීතිපති උපදෙස් ගන්න  ඕනේ. නමුත් සියලූම පරීක්‍ෂණ නිසිවිධියට සිදුකර නිමකරනවා."

එමෙන්ම වර්තමානයේ වඩාත්ම අන්දෝලනාත්මක ඝාතන සිද්ධිය බවට පත්වී තිබෙන රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ පරීක්‍ෂණ කටයුතු සම්බන්ධයෙන් පූජීත් ජයසුන්දර කියා සිටියේ , පෞද්ගලීක පහර ගැසීම්වලින් තොරව, තරාතිරම කෙසේවුවත් ඝාතනයට සම්බන්ධ සියලූ දෙනාවම ඉදිරියේදි අත්අඩංගුවට ගන්නා බවයි.  

පොලීසියේ සහ පොලිස් නිළධාරීන්ගේ වැරදි ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වගද පොලිස්පතිවරයා සඳහන් කළේය.

මේ අතර, මාධ්‍යවේදින් හමුවේද සාධාරණ ඉල්ලිමක් තැබීය. එනම්, පොලීසියේ ක‍්‍රියාකාරිත්වය සහ පොලිස් නිළධාරීන් පිළිබඳව සාධාරණ විවේචන ඇත්නම්  ඕනෑම අවස්ථාවක එම විවේචන භාරගැනීමට තමන් සූදානම් වුවද ප‍්‍රවෘත්ති අලෙවි කරගැනීමේ චේතනාවෙන් අසාධාරණ ලෙසට විවේචන සිදුනොකරන ලෙසට ය.

-    මෙලනි



2016-04-23
Advertisement

Find us on Facebook