English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගිිනි අවි දී තෑගි ගන්නවාද ? දඬුවම් ලබනවාද ?

යහපාලන ආණ්ඩුව තුළ ලංකා සමාජය වඩා යහපත් කිරීම සඳහා සමාජය තුළ මේ වන විට නිදහසේ ගැවසෙන ගිනි අවි ප‍්‍රමාණය අවම කිරීමේ අරමුණින් යුතුව අනවසර ගිනි අවි රජයට භාර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ වෙයි. 


අනවසරයෙන් තමන් භාරයේ තබාගෙන සිටින ගිනි අවි රජයට භාරදී ඒ වෙනුවෙන් ත්‍යාග මුදලක් ලබාගන්නා ලෙසට ප‍්‍රථම වතාවට යහපාලන ආණ්ඩුව විසින් මහජනතාවට යෝජනාවක් ඉදිරිපත් කරයි. මෙම අවස්ථාව එළඹෙන 25 වෙනිදා සිට මැයි මස 06 වෙනිදා දක්වා කාලයක් තුළ සිදුකිරිමට නියමිතය.

කිසිඳු ප‍්‍රශ්න කිරීමකින් තොරව, ගිනි අවි භාර දෙන පුද්ගලයින් හට ගිනි අවියේ ස්වභාවය අනුව මුදලින් තෑගි පිරිනමන බවත් එසේ අවි භාර නොදෙන අවි හිමියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවත් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඊයේ (20දා) පැවති මාධ්‍ය සාකච්ඡවකදි ප‍්‍රකාශ කළේය.  

" ගිනි අවි ආඥා පනතේ 30 වැනි වගන්තියේ විධිවිධාන අනුව අති ඇතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනවසර ගිනි අවි රජයට භාරදීමට අපි පොදු සමා කාලයක් දී තිබෙනවා. ළගම තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දෙන ලෙස ඉල්ලනවා. ගිනි අවි භාර දෙන පුද්ගලයන් සඳහා පතරොම් තුවක්කුවක් හෝ හා සමාන ගිනි අවියක් ගල් කටස් බඳින තුවක්කු සදහා රුපියල් 5000 ක් ද පිස්තෝලයක්/ රිවෝල්වරයක් සදහා රුපියල් 10000ක් ද, ටී 56 ගිනි අවියක් සඳහා රුපියල් 25000 ක් ද ලබා දෙනවා." යැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේය.  

-    මෙලනි





2016-04-21
Advertisement

Find us on Facebook