English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන පක්ෂග‍්‍රාහීන් ශ්‍රෙෂ්ඨාධිකරණයට සුදුසු වෙයි ?


අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණයට පත් වීමට පෙර පහළ උසාවිවලදී අනවශ්‍ය සබඳකම් තබා ගැනීම පිළිබඳ කුප‍්‍රකට තැනැත්තියකි. එම සබඳතා අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සම්බන්ධය එළිපිට ප‍්‍රදර්ශනය වුයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව ලබා දුන් නඩු තීන්දුවත් සමඟයි. ඇයගේ එම නඩු තීන්දුව නීති කේෂත‍්‍රයට සෘජුව සබඳතා පත්වන අය පමණක් නොව සාමාන්‍ය ජනයා පවා මවිත කළ අපුරු නඩු තීන්දුවකි. ඒ පිළිබඳ වැඩිදුර සටහන් නොකරන්නේ එය සැම දෙනා දන්නා කාරණයක් වන බැවිනි.

එම නඩු තින්දුවත් සමග ඇයට නිල හෝ නොනිල මට්ටමින් විශේෂ වරප‍්‍රසාද ලැබුණ අතර ආරක්ෂාවට පොලිස් නිලධාරින් 15ක කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ලබා දෙනු ලැබීය. එයින් එක් පොලිස් නිලධාරියෙකුට අයත් රාජකාරිය වන්නේ නිවසේ සුරතල් බල්ලා බලා ගැනිමයි. මෙය ඇය සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව තීන්දුව දී ලබා ගත් එක් වරප‍්‍රසාදයක් පමණි.

ඇයගේ සොහොයුරිය වන මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එකවරම මහාධිකරණ විනිසුරුවරියක වුයේ ද හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි අධිකරණ කටයුතු මෙහෙයවීම හේතුවෙන් බව අධිකරණ කේෂත‍්‍රයේ සැවොම දන්නා කාරණයකි. ඇය තමන්ට අවශ්‍ය පුද්ගලයන් සමග කුළුපග වීම තුලින් ඔවුන්ට අවශ්‍ය දේ ඉටුකර තම අරමුණු ද ඉටුකර ගැනීමට අධිකරණයේ ගෞරවය කෙළසනු ලබයි.

අධිකරණ කේෂත‍්‍රයේ බොහෝ දෙනෙක් පසුගිය රජය කාලයේ ඇයව හැඳින්වුයේ හිටපු ජනාධිපතිතුමා දුරකථනයෙන් තමන්ට අවශ්‍ය තීන්දු ඇයව සෘජුව අමතා ලබා දෙන ලෙස දන්වා සිටින බවයි.

එපමණක් නොව ඇගේ සබඳතාවන් අතර අග‍්‍රවිනිසුරු ශ්‍රී පවන් මහතා සමග ද සබඳතා වෙයි. දිපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණිය සහ බැණනුවන් යන දෙදෙනාම ශ්‍රී පවන් මහතාගේ පූත‍්‍රයාගේ ව්‍යාපාරට සම්බන්ධව කටයුතු කර ඇත.

ඉතා අකාර්‍යක්ෂම කාන්තාවක් වන විජේසුන්දර විනිසුරුවරිය අභියාචනාධිකරණයට පැමිණෙන්නේ පෙරවරු 9.30ට පසුවය. ආපසු මාධ්‍යහ්න 12 වීමටත් පෙර තම සේවා කටයුතු අවසන් කර තම නිවසට යයි. අප හැගෙන ආකාරයට කුමන හේතුවක් පාදක කර හෝ ඇය ශ්‍රෙෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවහොත් එය වර්මානයේ ඇති යහපාලන පාලනයට අකුල් හෙලන බලවේග ශ්‍රෙෂ්ඨාධිකරණයේ දී ද තදින් ක්‍රියාත්මක වීම ස්ථිර බවයි.

උපුටා ගැනීම -  ලංකා නිවුස් වෙබ්

-  මෙලනි




2016-04-21
Advertisement

Find us on Facebook