English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය නොවන සංවිධාන මර්දනයට එරෙහිව විරෝධතාවය ජුලි 17 කොටුවේ දී
රාජ්‍ය නොවන සංවිධාන මර්දනයට එරෙහිව පසු ගිය ජුලි 11 වනදා කොළඹ CSR ආයතනයට රැස්වූ ලංකාවේ ප‍්‍රධාන පෙලේ සිවිල් සංවිධාන රජය විසින් දියත්කර ඇති මර්ධනකාරී පිළිවෙතට මුහුණ දීම සදහා එක්සත්ව කටයුතු කළ යුතු බවට තීරණය කරමින්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබදව සොයා බැලීමේ ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ නීති විරෝධී ලිපියට විරෝධය පලකිරීම සදහා එක්සත් ප‍්‍රකාශණයක් නිකුත් කිරීමටත් විරෝධතා ව්‍යාපාරයක් ජුලි 17 සවස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමටත් තීරණය කරන ලදී.

මෙම විරෝධතාවය සදහා සියලූම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා අනෙකුත් බහුජන සංවිධාන වෙත දැන්වීමටත්, මේ සම්බන්ධව මහජනයා දැනුවත් කිරීම සදහා පති‍්‍රකාවක් බෙදාහැරීමටත් බලාපෙෙරොත්තු වේ.
 
ලංකාවේ සිවිල් සංවිධාන කි‍්‍රයකාරීත්වයත් අඩපණ කිරීම සදහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබදව සොයා බැලීමේ ලේකම් කාර්යාලය පසුගිය දා රාජ්‍ය නොවන සංවිධාන වෙත එවු නීති විරෝධී ලිපිය ගැන ලංකාවේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලූ ජාත්‍යන්තරව කි‍්‍රයාත්මක වන සංවිධාන ගනනාවක අවධානය යොමු වී තිබුනි.




2014-07-14
Advertisement

Find us on Facebook