English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ‍්‍රි ලංකාවේ 34 වන පොලිස්පතිගෙන් ජනතාව මෙසේ ඉල්ලා සිටිති !

නව පොලිස්පතිවරයා ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර 20 වෙනිදා දහවල් දිවුරුම් දී වැඩ භාර ගත්තේය. නව පොලිස්පති පූජිත් මහත්මා ගැන මහජනතාව මහත් වු ප‍්‍රසාදයක් පලකරන අතර මහත්වු බලාපොරොත්තුවක් ද තබති. මේ වන විට නොයෙක් ආකාරයෙන් "නරක නමක්" හිමිකරගෙන සිටින "පොලීසිය සුද්ද පවිත‍්‍ර කරන්නැයි" නව පොලිස්පතිගෙන් මහජනතාව ඉල්ලා සිටිති.     

ජනාධිපති මෛත‍්‍රිපාල සිිරිසේන විසින් නම්කරනු ලැබු, ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබු ලංකාවේ 34 වන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර අද, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අතින් පත්වීම් ලිපිය ලබාගැනිමෙන් පසුව පොලිස් මුලස්ථානයේදි සිය නව අසුනේ වැඩ භාරගත්තේය.



නව පොලිස්පතිවරයා හට රටට කරන්නට පෙර පොලීසිය තුළ ම සිදුකරන්නට පැවරෙන භාරධුර කටයුත්තක් ඇත. එනම්, නොයෙක් විධියේ නරක නාමයක් හිමිකරගෙන තිබෙන පොලිස් සේවය යහපත් ආකාරයකින් නව දැක්මකින් යුතුව ක‍්‍රියාත්මක කරගෙන යෑමේ පළමු වගකීම ශ‍්‍රී ලංකාවේ 34 වන පොලිස්පති ලෙසට පත්වු පූජීත් ජයසුන්දර හට පැවරෙනු ඇත.

"පොලීසිය සුද්ද පවිත‍්‍ර කරන්නැයි" කියන ඉල්ලීමක් ද මහජනතාව නව පොලිස්පතිවරයා හමුවේ තබති. මන්දයත් පොලීසිය යන වචනය ඇසෙන විට සමාජයේ අත්දැකිම වී ඇත්තේ අසාධාරණ පහරදීම් , දරුණු වධහිංසා, අත්අඩංගුවේ සිටිය දී මිය යැම, නිවරැදි නොවන තීන්දු තීරණ, බලහත්කාර පාපෝච්චාරණ සහ ඒ පාපෝච්චාරණ තුළ මිනිස් ජීවිතවලට සිදුවන අසාධාරණ ඉරනම් යනාදිය ය. කෙටියෙන් කියතොත් "මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරන, මිනි මරණ පොලීසියක්" ලෙසට සමාජගත වී තිබීමයි. මෙම අශීලාචාර ම්ලේඡ්ච "පවතින පොලිස් ක‍්‍රමය" නිවරැදි කිරීම නව පොලිස්පති පූජිත ජයසුන්දරට භාරවනු ඇත.



පුජිත ජයසුන්දර යනු යහපත් නීතිගරුක පොලිස් නිළධාරියෙක් ලෙසට පොලිස් සේවය තුළ නමක් තබා සිටින හෙයින් ද වර්ථමානයේදි එකී ආයතනයේ ඉහළම නිළධාරීයා ලෙසට පත්වී සිටින හෙයින් ද පොලීසිය සුද්ද කිරීමේ කර්තව්‍ය පහසුවනු ඇත. එහෙත් අපමණ වු බාධා තර්ජන ද එල්ල නොවණු ඇතැයි කාහට කිව හැකිද ? මන්ද, මේ වන විටත් පූජිත ජයසුන්දරගේ පත්වීම දරාගත නොහැකිව කෝපයට සහ කළකිරීමට පත්වු , ඉලංගකෝන් පොලිස්පතිවරයාගේ විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව වැඩ බලූ , හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික‍්‍රමසිංහ "මට වඩා ජූනියර් එවුන් යටතේ මම සර්විස් එකේ ඉන්නේ නැහැ." යනුවෙන් ප‍්‍රකාශකර මේ වන විටත් සිය අස්වීමේ ලිපිය පොලිස් දෙපාර්තමේන්තුවට භාරදී ජනාධිපති අගමැති ආරක්‍ෂක ලේකම් කාර්යාලවලට පිටපත් යවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සැළකරයි.

කෙසේවෙතත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර , පොලිස්පති ධුරයට තේරිපත්වීම පිළිබඳව රටේ තොටේ පුරවැසියන් ද ඔහුට සුභ පතන අතර මෙවැනි අදහස් දරති.


"ධර්මරාජයේ පුතෙුකු වශයෙන් අපි ඔබ ගැන ඉමහත් ආඩම්බරයට පත්වෙනවා. දේශපාලන අතකොළුවක් බවට පත්නොවී ඔබේ කීර්ති නාමය රැකගන්න.  සාධාරණ ජනතා අරගලවලදී සංයමයක් ඇතිව කටයුතු කරන්නේ කෙසේද කියා පොලීසියට උගන්වන්න. මේ රටේ ජනතාව ඔබව තවත් ඉහළට ඔසවා තබාවි." - සනත්

"මිනිස්සුන්ට කුනුහරුපෙන් කථා කරන තලන පෙලන පොලිස් නිළධාරින් පොලීසියෙන් ඉවත් කරන්න." - විකී

"බලයට, ධනයට යට නොවී දේශපාලන බලයේ ගැත්තෙක් නොවී පොලිසිය සැමට සාධාරණව, අපක්‍ෂපාතිව ක‍්‍රියාකරන වැදගත් ආයාතනයක් බවට පත්කරන්න." - සන්තුෂ්

" ඔබගේ ධුරකාලය තුළ දී පාතල මර්ධනය , ස්ත‍්‍රි දුෂකයින් , මංකොල්ලකරුවන් තුරන්කර මේ රට සුන්දර රටක් බවට පත්කරන්න. එසේ කරන්නට ඔබට හැකිවේවා! ඔබට ජයවෙිවා!! " - සිල්වා

-    මෙලනි





2016-04-21
Advertisement

Find us on Facebook