English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


හිටපු ජනාධිපති මෙදා සිටගන්නේ මොන මැයි රැළියේද ?

හූවක් කිව්වොත් , විරෝධයක් පෑවොත් මම කොහොමද ඒකේ වගකීම ගන්නේ ?
 
මල්වතු-අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමට ගොස් ඇති හිටපු ජනාධිපති මෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්ද රාජපක්‍ෂ විසින් මහනුවර මාධ්‍යවෙදින් අමතා තමන් මෙදා සහභාගි වන මැයි රැළිය පිළිබඳව අදහස් ප‍්‍රකාශ කර ඇත.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින රැළියට සහභාගි වන ලෙසට මේ වන තෙක්තමන්ට ආරාධනාවක් නොලැබුණු බව පවසා ඇති මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති,  තමන් මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් බැවින් තමා හා ඒකාබද්ධ විපක්‍ෂය වෙනම මැයි රැළියක් පවත්වන බවත් තමන් එම රැළියට සහභාගි වීමට තීන්දු කළ බවත් පවසා ඇත. 

එමෙන්ම, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැළියට සහභාගී විමේදි යම්හෙයකින් විරෝධයක් මතු වුවහොත් හෝ හූවක් කිව්වොත් එහි සම්පුර්ණ වගකීම පැටවෙන්නේ තමන් පිට බව ප‍්‍රකාශ කළ මහින්ද රාජපක්‍ෂ, "මම කොහොමද ඒකේ වගකීම ගන්නේ? ඒ වගකීම මට භාර ගන්න බැහැ. එවැනි තත්ත්වයන් ගැන අවධානය යොමුකරලා වෙනම ම මැයි රැළියක් පැවැත්වීම තමයි හොඳ." යැයි ප‍්‍රකාශ කළේය.

ඒ අනුව, "අපි මේ කට්ටිය අරන් වෙනම පැත්තකට වෙන එක තමයි හොඳ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය." හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරත් පැවසීය.


තොරතුරු මුලාශ‍්‍රය හා ඡායාරූපය - බීබීසි සංදේශය

- මෙලනි





2016-04-16
Advertisement

Find us on Facebook