English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අනාගත ගිනි කෙළි සඳහා උස්සා, සැඟවු ගිනි අවි මතු වුණේ කෙසේ ද ?
ලග්ගල පොලිස් ස්ථානයට අයත් ගිනි අවි කිහිපයක් පසුගිය 13වෙනිදා අන්තරස්දහන විය. ගිනි අවි වලට දෙපයින් ඇවිද ගොස් අතුරුදහන් විය නොහැකිය. යළි හිස ඔසවා ඇති සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගියේද, නැතහොත් කෙසේ මෙකී ගිනි අවි අතුරුදහන් වූයේ ද කියා කිසිවෙක් නොදත්හ.

එහෙත් ඉතාම පැහැදිළි ක‍්‍රමයක් මගින් පොලිස් නිළධාරීන් සේවයෙහි නිරතව සිටින විටදී එකී ගිනි අවි තොඟය අතුරුදහන් විය. එසේ අතුරුදහන් වුයේ යැයි කී අවි, ලග්ගල පොලිස් ස්ථානයේ සිට කිලෝමිටර 05ක් පමණ එපිටින් පිහිටි වැල්ලවල සඳගල විහාරස්ථානයේ ස්වාමින්වහන්සේලා ස්නානය කරන ස්ථානයක තිබී අද (16) උදැසන සොයාගත් බවත් එය සොරාගත් අය විසින් එම ස්ථානයේ දමායන්නට ඇති බවටත් තොරතුරු ගලා ආවේය.
 
සාමාන්‍යයෙන් ආරක්‍ෂක ස්ථානවල ගිනි අවි හෝ ගිනි අවි තොගයක් හිතු හිතු තැන ඔහේ තැන්පත්කර තබන්නේ නැත. ගබඩාවක දමා දොරගුළු දමා ආරක්‍ෂිතව තබන අතර එහි වගකීම දැරීමට නිළධාරියෙකු හෝ කණ්ඩායමක් ද යොදවනු ලබයි. රාජකාරි සඳහා ගිනි අවි අවශ්‍ය අවස්ථා වලදී අදාළ නියෝගය මත අනුමැතිය මත අදාළ ආරක්‍ෂක නිළධාරියා හෝ නිළධාරීන් විසින් අවශ්‍ය ගිනිඅවි ප‍්‍රමාණය ලබාගැනීම සිදුවනු ඇත. එවැනි ක‍්‍රියා පිළිවෙළක් අනුගමනය කිරීමට තිබිය දී ආරක්‍ෂිත ස්ථානයකින් කෙසේ අවි ආයුධ අතුරුදහන් විය හැකි දැයි කියා ඔිනෑම අයෙකුට සිතීම සාධාරණය. පොඩිදරුවෙකු පවා අසන්නට හැකි සරළ ප‍්‍රශ්නයකි.



මිනිසුන්ට, සමාජයට ආරක්‍ෂාව සැපයීම සඳහා සේවය කරනු ලබන්නට ඇති වගකීමක් සහිත ස්ථානයකින් මේ ආකාරයෙන් අවි ආයුධ අතුරුදහන් වනවා කියා ඇසීමට ලැබීමත් එක්තරා ආකාරයක ලැජ්ජාවට කාරනාවකි.

එමෙන් ම විමතියට ද භීතියට ද කාරනාවකි, මන්ද, මෙසේ සොරාගන්නා අවි ආයුධ, විනෝදයට සෙල්ලමට නොව තවත් මිනිස් ඝාතනයන් , පහරදීම් හෝ බියවැද්දවීම් සහා මංකොල්ලකැම් සඳහා කෙටියෙන් කියතොත් තවත් අලූත් සමාජ විනාශයක් , භීතියක් ඇතිකිරීම සඳහා භාවිතා කරන්නට සොරාගෙන තිබෙන බැවිනි. එසේ නොමැතිව ගිනි අවි සොරා ගන්නේ වෙනත් අසවල් කාරණයකට දැයි කෙසේ කාට කිව හැකි ද ?   

මෙම සිදුවීම පසුපස එම පොලිස් ස්ථානයේම නිළධාරින් සිටිය යුතුය. එක් අතෙකින් ඔවුන් විසින් ම යම්කිසි සැළසුමක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මතු ප‍්‍රයෝජනය සඳහා සොරකම්කළා විය හැකිය. නැතහොත් විශාල කප්පමකට එම පොලිස් නිළධරීන් විසින්ම අතුරුදහන්වු අවි ප‍්‍රමාණය පිටත පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අලෙවි කලා විය හැකිය.

එසේ නැතිව,  ලග්ගල පොලිසීයේ කිසිවෙකුත් නොදැන මේ අවි ප‍්‍රමාණය අතුරුදහන් වුවාය යන්න නම් සැබෑව, ලග්ගල ප‍්‍රදේශයේ මිනිසුන් හට දෙවියන්ගේම පිහිටය! මන්ද, මිනිසුන් රකින්නට සිටින පොලීසියට තමන්ගේ නිවෙසවත් නිසිලෙසට රැකගන්නට බැරිව මුළු ප‍්‍රදේශක ජීවත්වන මිනිසුන් කෙසේ රකින්නද ? එම සමාජයට කෙසේ රැකවරණය සපයන්නද ?

එබැවින් ලග්ගල පොලිසියේ සමස්ත නිළධාරීන් මාරුකර යවා නිදිමරන්නට දක්‍ෂතාවය ඇති, පොලිස් සේවය නිිසි ලෙසට ඉටුකරන්නට හැකි, දක්‍ෂ නිළධාරින් වහා පත්කළ යුතුය! 


-මෙලනි



2016-04-16
Advertisement

Find us on Facebook