English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පෝර්ට් සිටි යෙන් දියුණුවක් ඇතිවේය යන මිත්‍යාව වැපිරීම රජය වහා නතර කළ යුතුයි - පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යපාරය


කොළඹ වරාය නගරය චීන සිහිනයක් බවත් එය මෙගාපොලිස් ව්‍යාපෘතියට සම්බන්ධ නැති බවත් එම ව්‍යාපෘතිය දේශීය පාලක පංතියේ සිහිනයක් වන බවත්, ඔරොත්තු නොදෙන ව්‍යාපාරික සංවර්ධන ක‍්‍රියාවලියක් මගින් ලංකාවට දියුණුවක් ඇතිවේ යයි යන මිථ්‍යවන් වැපිරීම රජය වහාම නතර කළ යුතු යැයි පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයට අනතුරු හඟවයි.

මෙම වරාය නගර ව්‍යාපෘතිය චීනයට ඵලදායි ව්‍යාපෘතියක් වනු ඇති නමුත් ශ‍්‍රි ලංකාවට එවැනි ඵලදායි ව්‍යාපෘතියක් බවට පත්වනු ඇතැයි කිසිඳු අධ්‍යන වාර්තාවක් මගින් පෙන්වා දී නැතැයි සඳහන්කරන පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය, පරිසරය දුෂණය  කරන චීනයේ කර්මාන්ත වලින් පිට කරන අපද්‍රව්‍ය තැන්පත් කිරීමට ස්ථානයක් සොයමින් සිටින නිසා ලංකාව, චීනයට වඩා වැදගත් උපාය මාර්ගික රටක් වන බව පෙන්වා දෙයි.

පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය විසින් අද-14  නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.



පෝර්ට් සිටි යෙන් දියුණුවක් ඇතිවේය යන මිත්‍යාව වැපිරීම රජය වහා නතර කළ යුතුයි -  පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යපාරය


                                                         2016-04-13 කොළඹදී ය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය චීන සංචාරයෙන් පසුව, අපි‍්‍රයෙල් 10 වෙනිදා පැවැත්වූ මාධ්‍ය හමුවෙදී චීන හා ශ‍්‍රී ලංකා රජයන්  "වරාය නගරය" ව්‍යෘපෘතිය දිගටම කරගෙන යාමට තීන්දු කළ බවත් හම්බන්තොටින් අක්කර 1000 භූමි ප‍්‍රමාණයක් හා මත්තල ගුවන් තොටුපළ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සදහා චීනයට දෙන බවත් ප‍්‍රකාශ කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා වශයෙන් සිටියදී, "වරාය නගරය" කොළඹ සිට කල්පිටිය දක්වා උතුරටත්, කොළඹ සිට හික්කඩුව දක්වා දකුණු දෙස වෙරළ තිරයටත් ජීවත්වන ධිවර ප‍්‍රජාව කෙරෙහිත්, ධිවර රැකියාව කෙරෙහිත් ඉතා අහිතකර බලපෑම් ඇතිකරවන බව ප‍්‍රකාශ කරමින් ඊට එරෙහි විය. එමෙන්ම එය සංචාරක ව්‍යාපාරයට ද අහිතකර බලපෑම් ඇතිකරවිය හැකි බවත් වැඩි දුරටත් එතුමා පවසා සිටියේය.

අවාසනාවට, රනිල් වික‍්‍රමසිංහ මහතා අද යහපාලන රජයේ අගමැති වශයෙන් තමන් විසින් එදා කළ ප‍්‍රකාශයට විරුද්ධව කටයුතු කරනවා පමණක් නොව  එම පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබමින් තමාව බලයට පත් කළ දස ලක්ෂ ගණනක් වන ජනතාවට දුන් පොරොන්දුවට පවා එරෙහිව කටයුතු කරමින් සිටියි.
 
මෙම ව්‍යාපෘතිය, ආර්ථික වෙළද පොලක් ලෙසට සැලසුම් කළ ද, මේ තාක්, එහි ඇතිවන වෙළඳ ව්‍යාපාර පාලනය කිරීමේ නීති පද්ධතියක් ඇති බව පෙනෙන්නට නැත. එම නිසා ඉදිරි දිනකදී කළු සල්ලි හා නීති විරෝධී ව්‍යාපාර සිදුවන ස්ථානයක් එහි බිහි වීමට ඉඩකඩක් ඇතිවීමේ අණතුරක් තිබේ.

යහපාලන ප‍්‍රතිඵත්ති මත පිහිටවන ලද රජයක් වුවද, එම රජය විසින් ම මූලික ප‍්‍රතිඵත්ති උල්ලංඝනය වන බවක් දකින්නට ඇත. ඉහල උසාවියක නඩු දෙකක් පනවා තිබියදී ඒවා කිසිවක් සැලකිල්ලට නොගෙන අගමැති තුමාට මෙවැනි තීරණ ගත හැකිදැයි ප‍්‍රශ්ණයක් දැන් මතුවි තිබේ. නීතියේ ආධිපත්තියට කුමක් වි දැයි ප‍්‍රශ්ණ කළ යුතුව ඇත.

තවද පරිසර බලපෑම් ඇගයුම් වාර්ථාව පිළිබඳව මහජන අදහස් විමසූ අවස්ථාවෙදී ධීවර ප‍්‍රජාව හා සිවිල් සංවිධාන, පරිසරයට ඇතිවන්නාවූ බලපෑම් නිසා පීඩාවට පත්වන ජනතාවගේ මූලික අයිතින් උල්ලංඝණය වීම් පිළිබදව වගකීමකින් යුතුව සිය අදහස් ඉදිරිපත් කරන ලදී. එපමණක් නොව මෙම ව්‍යාපෘතියට සිය බරපතල විරෝධතාවයක් ද දක්වන ලදී. එසේ තිබියදී තීන්දු ගැනීමේදී මහජනතාව සහභාගී කර නොගැනීම මෙහිදී යහපාලනය පිළිබදව බරපතල ප‍්‍රශ්ණ මතුවේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනයේදී ජනතා සහභාගිත්වය අනිවාර්ය සාධකයක් විය යුතුමය.
 
මේ ආකාරයෙන් සිදුවෙන්නාවූ නිරර්ථක සංවර්ධනය මගින් රටේ සම්පත්, ධනය, වැලි කළුගල්, භූමිය, කොළඹ වරාය, මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය ආදිය චීනයට පැවරීමක් සිදුකරනු ලබයි. මෙවැනි සංවර්ධනය ක‍්‍රියාවලියක් මගින් ජනතාවට කිසි සෙතක් ගෙන නොදෙන බව ඉතා පැහැදිළිය. රට චිනයට හෝ වෙනයම් රටකට උකස් කිරීම සංවර්ධනයක් යයි පැවසිය හැකිදැයි පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැදවුම්කරුවකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප‍්‍රශ්ණ කරයි. තවද ස්වභාවික සම්පත්වල ඒකාග‍්‍රතාවය එහි ආරක්ෂාව, ඒවා කෙරෙහි ජනතාවට තිබෙන අයිතිය පිළිබදව සහතිකයක් ගරු අගමැති තුමාට දිය හැකිදැයි ඉද්දමල්ගොඩ පියතූමා ප‍්‍රශ්ණ කරනු ලබයි.

ඇ. ඩොලර් මිලියන 1.5 වැයකරන මෙම චීන ව්‍යාපෘතිය ගැන ගරු අගමැතිතුමාට කිසිසේත්ම ආඩම්බර වීමට හේතුවක් නැත. එම මුදලට වඩා වැඩි මුදලක් එනම් ඇ. ඩො මිලියන 4ක් වැලි සහ කළුගල් වලින් ලංකාව වැය කරුනු ලබන බව පොර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැදවුම් කරුවකු වන, පරිසරවේදි හේමන්ත විතානගේ මහතා පවසයි.

මෙම "වරාය නගරය" ව්‍යාපෘතිය චිනයට ඵලදායි ව්‍යාපෘතියක් වන ඇත. එසේ වූවද මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඵලදායිතාවයක් ඇති වේ යයි කියැවෙන කිසියම් අධ්‍යයන වාර්ථාවක් හෙලි වී නොමැති බව පොර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැදවුම් කරුවකු වන චින්තක රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාව උපාය මාර්ගික වශයෙන් චීනයට ඉතාමත් වැදගත් ස්ථානයක් බව පොදුවේ කවුරුත් දන්නා කාරණාවකි. එමෙන්ම පරිසරය දූෂණය කරන චීනයේ කර්මාන්ත වලින් පිට කරන අපද්‍රව්‍ය තැන්පත් කිරීමට ස්ථානයක් සොයමින් සිටින නිසාද ලංකාව ඔවුන්ට වැදගත් වේ. කෙසේ වෙතත් 2015 දෙසැම්බර් වලදී පැරිස් නගරයේ දී පැමිණි එකගතාවයන්ට ගරුකිරීමට ඔවුන් වෙත පැවරෙන වගකිමක් ද ඇත.   

කොළඹ වරාය නගරය චීන සිහිනයකි. එය මෙගාපොලිස් ව්‍යාපෘතියට සම්බන්ධ නැත. එම ව්‍යාපෘතිය දේශීය පාලක පංතියේ සිහිනයකි. ඔරොත්තු නොදෙන ව්‍යාපාරික සංවර්ධන ක‍්‍රියාවලියක් මගින් ලංකාවට දියුණුවක් ඇතිවේ යයි යන මිථ්‍යවන් වැපිරීම රජය වහාම නතර කළ යුතුය.

පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යපාරය

තොරතුරු විමසිම -
සරත් ඉද්දමල්ගොඩ පියතුමා 0714315124
හේමන්ත විතානගේ  0777600503
චින්තක රාජපක්ෂ    0766568663

- Melani



2016-04-14
Advertisement

Find us on Facebook