English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හෙට යාපනයේ පැවැත්වෙන සත්‍යග‍්‍රහයට එරෙහිව උසාවි නියෝගයක්
යුද්ධයෙන් අවතැන්වූවන්ට මෙතෙක් ඉඩම් නොලැබීම, භුමිතෙල් සහනාධාරය නොලැබීම හා ඉන්දීය ට්‍රොල්ර් යාත‍්‍රා නිසා තම රැකියාව අභියෝගයට ලක්ව ධීවරයන් මුහුණ දෙන ගැටලූ, ආගමික සහජීවනය ගොඩනැගීම යන මූලික කරුණු පිලිබදව රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා හෙට 15 යාපනයේ පැවැත්වීමට සුදනම් කර තිබු උද්ඝෝෂණය හා සත්‍යග‍්‍රහය වැලැක්වීමට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සත්‍යග‍්‍රහය ජාතික ධීවර සහයෝගීතාවය ඇතුලූ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එකතුව විසින් සංවිධානය කර තිබුනි.

මේ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පවැති මාධ්‍ය හමුව අද උදේ යාපනය යාල්නාඩි හෝටලයේ දී පැවැත් වූ අතර, එම මාධ්‍ය හමුව සදහා දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෝ සේනාධිරාජා, සරවනබවන් හා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගජේන්ද්‍ර පොන්නම්බලම්, නව ප‍්‍රජාත‍්‍රන්වාදී පක්ෂයේ සෙල්වම්, ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ජේසුදාසන් යන අය සහභාගී විය.

මෙහි දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෝ සේනාධිරාජා උතුරේ අවතැන් වුවන්ගේ ප‍්‍රශ්ණය බරපතල බවත්, යුද්ධය අවසන්ව අවුරුදු 5ක් ගතව ඇතත් තවමත් ඉඩම් අහිමිව විශාල පිරිසක් සිටින බවත් මෙම ප‍්‍රශ්ණය විසිදීමට දකුණේ සංවිධාන උතුර සමග අත්වැල් බද ගත යුතු බවත් පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගජේන්ද්‍ර පොන්නම්බලම් අදහස් දක්වමින්.. පසුගිය පෙබරවාරි 15 වන දින මෙම කාරණාවට සම්බන්ධව අප විසින් පැවැත්වීමට නියිමිතව තිබු උද්ඝෝෂණය ආරක්ෂක අංශ මැදිහත් වී වැලැක් වූ බවත්, එය වලකා ලමින් ඔවුන් ජනතාවට පවසා සිටියේ මාස 3ක් ඇතුළත සියලූ ප‍්‍රශ්ණ විසදීමට පොරොන්දු වන බවයි. නමුත් මාස 5ක් ගතව ඇතත් ඒ සම්බන්ධව කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවත්, ඒ නිසා ඒ අය පවසන දේ අපට විශ්වාස කළ නොහැකි බවත් ප‍්‍රකාශ කලාය.

මේ අතර රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙන් මැදිහත්ව හෙට පැවැත්වීමට නියමිතව සත්‍යග‍්‍රහය කඩා කප්පල් කිරීමට විශාල සැලැස්මක් දියත් කර ඇති බවත්, එහි එක් පියවරක් ලෙස හෙට සත්‍යග‍්‍රහයට සහෝගය දැක්වීමට කැමැත්ත පලකර සිටි ප‍්‍රධාන ධීවර සමිති මුණගැසී මෙම සත්‍යග‍්‍රහයට විරුද්ධව ප‍්‍රකාශයකට අත්සන් ගෙන එම අමාත්‍යවරයාගේ පක්ෂයට අයත් පුවත්පතක පළ කර ඇති බවත් වාර්තා වේ. එමෙන්ම ලබාගෙන ඇති මෙම උසාවි නියෝගය පිටුපස මෙම ප‍්‍රබල ඇතිවරයා සිටින බවද මෙහි සංවිධායකයෙකු අප වෙත පැවසීය.




2014-07-14
Advertisement

Find us on Facebook