English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රනිල් වික‍්‍රමසිංහ සහ රාජපක්‍ෂවරුන්ගේ හමුවීම කුමක් සඳහා ද ?

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර පසුගිය දා රහස් සාකච්ඡාවක් පැවති අතර එහි අන්තර්ගතය මහජනතාවට විවෘත නොවුණි. එමෙන්ම අගමැති වික‍්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ අතරද පසුගිය සතියේ දි පෞද්ගලීක කථා බහක් ඇතිවිය. එහි ඇතුලාන්තය පිළිබඳවත් කිසිවක් මාධ්‍යයට අනාවරණය නොවුණි. එහෙත් එම රහස් සාකච්ඡාවල ඇතුල් පැත්ත දැන් දැන් අනාවරණය වෙමින් පවතින අතර, හුදෙක් එම සාකච්ඡා විධායක ජනාධිපතිධූරය මුළුමනින්ම අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සහය ලබාගැනීම වෙනුුවෙන් දියත් වුවක් බවට අනාවරණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරණයේදි පොරොන්දු වු පරිදි විධායක බලතල අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භකර ඇතිබව රනිල් වික‍්‍රමසිංහ පවසා ඇත. මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය යෝජනා කෙටුම්පත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට භාරදි ඇතැයි ද ඔහු සඳහන්කර ඇත.
හිටපු ජනාධිපතිද මේ සඳහා අවශ්‍ය විපක්‍ෂයේ සහාය ලබාදෙන බවට අගමැතිවරයාට පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යටි අදහස් ඉස්මතුවි, සිය යටි සිතෙහි ඇති දේශපාලන කෑදරකම් ඉස්මතුකර ගැනීමේ අටියෙන් යුතුව, ඉදිරි ජනාධිපතිවරණයකදි මෛත‍්‍රිපාල සිරිසේන ඒ සඳහා ඉදිරිපත් වීමෙන් වළක්වාලීමට සහ මහා මැතිවරණයකදී අගමැතිධූරය ලබාගැනීමේ අවස්ථාව අහිමිකිරීමේ අරමුණින් යුතුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමත් ඒ තුළින් නිතරග ජයක් රනිල් වික‍්‍රමසිංහ හට ලබාගැනීමට හැකියාව උදාවෙන බවත් රාජපක්‍ෂ විසින් පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.
 
මෙම රාජපක්‍ෂ සූත්තර උදව්වට ප‍්‍රති උපකාර ලෙසට , රාජපක්‍ෂ පවුල හා සම්බන්ධ සියලූම නීතිමය චෝදනාවලින් ඔවුන් නිදහස් කිරීමත් , නාමල් රාජපක්‍ෂගේ හා බැසිල් රාජපක්‍ෂගේ දේශපාලන අනාගතය සුරක්‍ෂිත කිරීමත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙන් අපේක්‍ෂාකරයි. 

-    මෙලනි



2016-04-14
Advertisement

Find us on Facebook