English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරේ ඉඩම් ගැනීම නවතින්නේ කවදාද ?

අත්පත්කරගෙන තිබෙන ඉඩම් යළි ලබාදිම වෙනුවට දකුණේ ධීවරයින් උතුරු පළාතේ පදිංචිකරවීමේ නව වැඩපිළිවෙළක්. උතුරේ අලූත් අර්බුදයක්. 

රජයේ අවශ්‍යතාවන්වලට අනුව උතුරේ දමිළ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනිම් ලබන 18 වෙනිදායින් පසුව නැවැත්විය යුතු යැයි උතුරේ ජනමාධ්‍යකරුවන් ඇමතු උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් අනතුරුහැගවීමක් කරයි.

මුලතිව් කෝකිලායි කොකුතුඩුවායි යන ප‍්‍රදේශවලට දකුණේ සිංහල ධීවරයින් ගෙනවිත් බලෙන් පදිංචිකරවිමේ වැඩපිළිවෙලක් දැන් ක‍්‍රියාත්මක වෙමින් තිබීම නිසා එම පළාතේ දැඩි අර්බුදයක් හටගෙන ඇතැයි ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළ බව වාර්තා වෙයි.

උද්ගතව ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් මේ මස 18 වෙනිදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡවකට ආරාධනාකර ඇති බව ද සඳහන් කළ ප‍්‍රධාන අමාත්‍යවරයා , මීට පෙර ජනාධිපතිවරයා විසින් උතුරේ වැසියන්ට අයත් පෞද්ගලීක ඉඩම්  රජයට අත්පත්කර නොගන්නා බවට සහතික වී ඇති බැවින්, 18 වෙනිදා පවත්වනු ලබන සාකච්ඡ සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පැවසීය.

උතුරු පළාත තුළ ද්‍රවිඩ වැසියන් යළි පදිංචිකරවීම සම්බන්ධයෙන් ස්ථීර ප‍්‍රතිපත්තියක් පිළිබඳව කතිකාවකට පැමිණෙන්නට ද මෙම සාකච්ඡව උපයෝගිකර ගන්නා බව ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන්කර ඇත.

-මෙලනි




2016-04-13
Advertisement

Find us on Facebook