English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය මර්ධනයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන
'රාජ්‍ය නොවන සංවිධානයක් විධියට අපි එදා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙනකොට කිසිම ලියවිල්ලකට අපි අත්සන් තැබුවෙ නැහැ මේ මේ දේවල් අපි කරන්නෙ නැහැ කියලා. එ් නිසා අපි මේ චක‍්‍රලේඛණය පිළිගන්නෙ නැහැ. අපිට එ්ක වැදගත් වෙන්නෙ නැහැ. අපි කරගෙන ආ වැඩකටයුතු දිගටම කරගෙන යනවා. රටේ නීතිය කඩා වැටෙනකොට, මනුෂ්‍යත්වයට අනවශ්‍ය තහංචි වැටෙනකොට අපිට නිශ්ශබ්දව ඉන්න බැහැ.” යනුවෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සඳහන් කළේය.

ඔහු එසේ පැවසුවේ, රාජ්‍ය මර්ධනයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන සංවාධය මැයෙන් ජුලි මස 11 වෙනිදා මරදාන සී එස් ආර් මධ්‍යස්ථානයේදි පවත්වන්නට යෙදුණු විශේෂ සිවිල් සංවිධාන හමුවේදිය.

ජූලි මස පළමුවෙනිදා දාතමින් යුතුව, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරීක සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නියෝගයක් බඳුවු චක‍්‍රලේඛණය පිළබඳව ප‍්‍රථිචාර දක්වමින් මෙම සිවිල් සංවිධාන හමුව සංවිධානය කර තිබිණි.

”මීට පෙර අපි තනි තනිවම මුහුණ දුන්නා අපිට මෙවැනි බලපෑමක් ආවම. රැුස්වීමක් පවත්වලා පෙත්සමක් අත්සන් කරලා ඊට පස්සේ අපි විසිර ගියා. නමුත් මීට පසුව තනිවම මුහුණ නොදී අපි සංවිධාන වශයෙන් ,  ජාල වශයෙන් , දේශපාලන වශයෙන් සියලූම දෙනා එ්කරාශි වෙලා ඉදිරියට යන පියවරක් ගතයුතුයි. එය හුදෙක් අපගේ ආරක්‍ෂාවට පමණක් නොවෙයි, අපි කරන වැඩ කටයුතු දේශපාලන වශයෙන් අර්ථයක් තිබෙනවා කියා පිළිගැනීම තුළ සාර්ථකව ඉදිරියට කරගෙන යැමටයි.” යනුවෙන් ප‍්‍රකාශ කළේ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය ය.

ආචාර්ය පාකියසෝති සරවණමුත්තු ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම ප‍්‍රධාන නිළධාරීන් අදහස් ප‍්‍රකාශ කළ අතර, සංවිධානවලට එවා ඇති එම ලිපි සියල්ලම එක්කර පොදු ස්ථානයකදි එ්වාට ගිණි තබා විනාශකර එම සංවිධානවල දැඩි විරෝධය පළ කළ යුතු යැයි ප‍්‍රකාශ විය.

කෙසේවෙතත්, සිවිල් සංවිධාන සහ එහි කි‍්‍රයාකාරිත්වයන්ට බියවෙමින් සිවිල් සංවිධාන කෙරෙහි ආණ්ඩුවේ ආකල්ප හා වැරදි සහගත ප‍්‍රතිචාර පිළිබඳව ප‍්‍රායොගික විරුද්ධත්වයක් ප‍්‍රකාශ කළ යුතු යැයි ද සඳහන් වු අතර, විරෝධය දැක්වීම සඳහා ඉදිරියේදි ක‍්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට යෝජනා විය. ඉන් පළමුවැන්න මේ මස 17 වන දා ක‍්‍රියාත්මක කරන්නට ද එකඟය විය. 


2014-07-14
Advertisement

Find us on Facebook