English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කොමිසමට පැමිණිළි 923 ක් !

මේ වන විට ජාතික පොලිස් කොමිසමට පැමිණිළි 923 ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිළි 203ක් විමර්ශනයට ලක්කර ඇති බවත් ජාතික පොලිස් කොමිසම ප‍්‍රකාශ කරයි. 

මේ වසරේ පළමු මාස කිහිපය තුළ පමණක් පැමිණිළි 468 ක් ලැබූණු අතර ඉන් පැමිණිළි 148ක විමර්ශන කටයුතු සිදුකර ඇතැයි කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේය.

ඒ අනුව මේ වසරේ මාර්තු මාසය වන විටදී කොමිසම වෙත පැමිණිළි 455ක් ලැබුණු බවත් ඉන් පැමිණිළි 55 කට අවශ්‍ය විසදුම් ලබාදුන් බව ද ඉතිරි පැමිණිළි මේ වන විට විභාග වෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
 
පොලිස් කොමිසම වෙත ලැබී ඇති පැමිණිළි වලින් බහුතරයක්, පොලීසියේ අකාර්යක්‍ෂමතාවය පිළිබඳව ලැබී ඇති බවත් ,  දෙවනුවට බලය අනිසි ලෙෂ භාවිතා කිරීම සම්බන්ධයෙනුත් තෙවනුව පොලීසියේ කොටසක් පක්‍ෂග‍්‍රාහීව කටයුතු කිරීම යනාදි හේතු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිළි ලෙසට පැහැදිළි කළේය.
 
-    මෙලනි



2016-04-10
Advertisement

Find us on Facebook