English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


චීන නිවාස එපා - යාපනයේ ජනතාව මහා පාරේ !

ජීවත් වීම සඳහා වන අත්‍යවශ්‍ය ම අවශ්‍යතා කිහිපයක් කෙරෙහි එල්ලවී ඇති බලපෑම් මුල්කරගෙන යාපනයේ ද්‍රවිඩ වැසියන් ඊයේ, අප්‍රේල් 09 වෙනිදා දිනදී ද වීථී බසිමින් විසඳුම් ඉල්ලා සිටි බවට උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජීවත්වීමට නිවසක් මෙන්ම පානය කිරීමට පිරිසිදු ජලය ද මිනිසාට අවශ්‍යම වන අවශ්‍යතා දෙකක් වන අතර ඒවා නොමැතිව ජීවත් වීමට කිසිසේත් නොහැකි බව අමුතුවෙන් පැහැදිළි කළ යුතු කාරණා නොවනු ඇත. එමෙන්ම තමන්ගේ ජීවනෝ්පායන් ද නිදහසේ බලපෑමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පාරිසරික සහය ද අවශ්‍යම වන්නාවු කාරණයකි. මෙකී අවශ්‍යතාවන්, ප‍්‍රමිතියක් ,ප‍්‍රයෝජනයක් සහ උදව්වයක්  නොවන ආකාරයෙන් ජනතාවට විඳින්නට සිදුවේනම් එය මූලික අයිතින් උල්ලංඝණය වීමකි.

උතුරේ සහ නැගෙනහිර යුද්ධයෙන් අනාථවු ජනතාව සඳහා චීන ආධාර යටතේ ආණ්ඩුව විසින් ඉඳිකිරිමට නියමිත නිවාස ව්‍යාපෘතියක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ම මුල්කර ගනිමින් උතුරේ ජනතාව මෙසේ වීථී බැස ඇති බව වාර්තා වෙයි.



චීන ආධාර යටතේ ඉඳිකිරිමට නියමිත නිවාස 65000 කින් යුතු වන නිවසා ව්‍යාපෘතිය වහාම නවතා දමා ස්ථීර නිවාස ලබාදෙන ලෙසට මොවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ඊට හේතුව ලෙසට උද්ඝෝෂකයින්් සඳහන් කරන්නේ, චීන ව්‍යාපෘතියේ නිවාස සියල්ලම පෙරසවි නිමි නිවාස බැවින් ඒවා පළාතේ දේශගුණයට, සංස්කෘතියට හා ආරක්‍ෂාවට නොගැලපෙන බවයි. 

එබැවින් දැනට නිවාස ලබාදිය යුතුව සිටින සියලූම යුධ අනාථයන් සඳහා ස්ථිර නිවාස ලබාදෙන ලෙසට උද්ඝෝෂකයින් ඉල්ලා සිටිති.

එමෙන්ම, වීථී බැසීමේ දෙවන ඉල්ලීම ලෙසට ඔවුන් ගෙනහැර පෑවේ වසර දෙකක පමණ කාලයක් තුළ අර්බුදයක්ව පවතින පානීය ජල ප‍්‍රශ්නයකි.  

චුන්නාකම් ප‍්‍රදේශයේ පානිය ජලයට විෂ මුසුවී ඇති බවට පරිසර විශේෂඥයින් පිරිසක් විසින් මීට වසර දෙකකට ඉහතදී අනතුරු හඟවා ඇති බව ප‍්‍රකාශ කළ උද්ඝෝෂකයින් ,එම පානීය ජල ගැටළුව හේතුව මත චුන්නාගම් පළාතේ පවුල් 13,000ක් පමණ පීඩාවට පත්වී ඇති බවත් මේ සඳහා ද කඩිනම් පියවරක් ගෙන පිරිසිදු පානිය ජලය ලබාදෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ප‍්‍රකාශ කළේය.



සිය තෙවන ඉල්ලීම ලෙසට උද්ඝෝෂකයින් පෙන්වා දුන්නේ, ඉන්දීය ආධාර යටතේ ත‍්‍රිකුණාමලයේ සාම්පූර්හී දී ඉඳිකෙරෙන තාප විදුලි බලාගාරය වහා නවතා දමන ලෙසට පියවර ගන්නා මෙන් ආණ්ඩුවට බලකර සිටින බවයි.

මෙකි තාප විදුලි බලාගාරය හේතුවෙන් පළාතේ පාරිසරික ගැටළු රැසක් හට ගන්නා බවත් , එම ගැටළු පළාතේ ජීවන වෘත්තීන් වන ධීවර කර්මාන්තයට සහ කෘෂිකර්මාන්තයට බලපෑම් සිදුවන බව ඔව්හු ප‍්‍රකාශ කළෝය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහා ක‍්‍රියාකළ යුතු බව පෙන්වා දෙන උද්ඝෝෂකයින් , එම ඉල්ලීම් සහිත ලිපියක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත යොමුකිරීම සඳහා යාපනය දිස්ති‍්‍රක් දිසාපතිවරයා වෙතට භාර දුන් බව ද ප‍්‍රකාශ කළේය.


Pictures - Tamil Gardian

-    මෙලනි






2016-04-10
Advertisement

Find us on Facebook