English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජීවත්වීමේ අයිතියට තර්ජන එල්ලවුවෝ හෙට සත්‍යග‍්‍රහයක !
වර්ථමාන ශ‍්‍රි ලංකාව තුළ සිවිල් ජනතාවට සාමයෙන් සමාදානයෙන් ජීවත්වීමට නොහැකි පරිසරයක් ගොඩනැගී ඇති බවත් ඒ සමාජය තවදුරටත් අතුරුදහන්වුවන්ගේ ප‍්‍රශ්න වලින් ද, වසර පහක් අවසන් වී ඇති නමුත් තවමත් විශාල ප‍්‍රමාණයෙන් සිටින අවතැන්වුවන්ගේ ප‍්‍රශ්න වලින් ද, ඉඩම් කොල්ලයෙන් උන්හිටි තැන් අහිමි වු ජනතාවගේ ප‍්‍රශ්න වලින් ද, දැවැන්ත ඉන්දීය ට්‍රෝලර් අර්බුදයෙන් පීඩා විඳින අති බහුතරයක් සුළුපන්න ධීවරයින්ගේ ප‍්‍රශ්න වලින් ද අධිආරක්‍ෂිත කලාප නිසා නිවාස අහිමිවි සිටින්නන්ගේ ප‍්‍රශ්න වලින් ද පිරී ඇතැයි සඳහන්කරන ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරය, එකී පීඩා විඳින සියලූ ජන කොටස් එක්ව සත්‍යග‍්‍රහයක් පවත්වන්නට කටයුතු සුදානම්කර ඇතැයි අයිතියට ප‍්‍රකාශ කළේය.

පීඩාවට පත්වු ජනතාව මෙන්ම ඔවුන් වෙනුවෙන් සහය ප‍්‍රකාශ කරන සිවිල් ජනතාවත් ඇතැම් දේශපාලන පක්‍ෂ නියෝජිතයින් ද සහභාගි වන මෙම සත්‍යග‍්‍රහය, හෙට එනම් ජුලී මස 15 වනදා යාපනය නගරයේදි ආරම්භ කරනු ලබයි. සත්‍යග‍්‍රහය මෙන්ම, අත්සන් ව්‍යාපාරයක් ද අදාළ ප‍්‍රශ්න පිළිබඳව පත‍්‍රිකාවක් බෙදීම ද සිදුකරන්නට නියමිත බව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය සඳහන් කළේය.  

කෙසේ නමුත්, එළඹෙන හෙට දවසේදි පවත්වන්නට යෙදෙන මෙම වැඩසටහනට මේවන විටත් යම් යම් බලපෑම් එල්ලවී ඇතැයිද සංවිධායකයෝ අයිතියට පැවසුහ.  




2014-07-13
Advertisement

Find us on Facebook