English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සීමා නිර්ණ ගැටලූ නැති පළාත් පාලන ආයතනවල මැතිවරණය !

යම් යම් කරුණු කාරණා පදනම් කරගනිමින් දිගින් දිගටම මැතිවරණය කල් දැමීමේ කිසිදු යෝග්‍යතාවයක් සාධාරණත්වයක් නොවන බව දන්වා සිටින පැෆරල් සංවිධානය, සීමා නිර්ණ ගැටලූ නැති පළාත් පාලන ආයතන ගැසට්කර කඩිනමින් මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙසට පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරායාගෙන් ඉල්ලා සිටියි.

සීමා නීර්ණය ගැටලු පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව පසුගිය දෙසැම්බර් මස 11 වැනිදා දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනකදී ප‍්‍රකාශ කරනු ලැබුයේ ලැබී ඇති පැමිණිලි සියල්ල ඉකුත් ජනවාරි මාසය තුළ අවසන් කළ හැකි බව යෑයි ද එම සංවිධානය පවසයි.

එහෙත් එය, ඉන්පසු මාර්තු 31 දක්වාත්ල යළිත් අගෝස්තු 31 දක්වාත් කල් දමා ඇති බවද එය කිසිසේත්ම  ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සුදුසු නොවන බව ද පෙන්වා දී ඇත.
 
මඩකලපුව පළාත් පාලන ආයතන 9 ක් 2011 වසරේ සිටත් වව්නියාව නගර සභාව 2012 සිටත් යාපනය මහ නගර සභාව 2013 වසරේ සිටත් පුදුකුඩිඉරිප්පු හා මුහුදු බඩපත්තු ප්රාදේශීය සභා 2012 වසරේ සිටත් සෙසු පළාත් පාලන ආයතන 250 කට වැඩි ප්රමාණයක් 2015 වසරේ සිටත් නිල කාලය අවසන්ව මැතිවරණ පවත්වා නොමැත.
 
මේ නිසා පළාත් පාලන ආයතන 336 න් ආයතන කීයකට පැමිණිලි ලැබී ඇත්ද? කිසිදු පැමිණිල්ලක් නැති ආයතන කොපමණද? කඩිනමින් විසඳිය හැකි ගැටලු ඇති ආයතන කොපමණද? කාලයක් ගතවන ආයතන කොපමණද? යන්න සලකා බලා කඩිනමින් ප්රශ්න විසඳිය හැකි ආයතනවල ගැටලු කඩිනමින් විසඳා හැකි ඉක්මනින් ගැසට් කර ඒවාහි මැතිවරණ පවත්වන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලා ඇත.

මෙය ලිඛිතව විෂය භාර අමාත්‍යවරයා වෙත දන්වා ඇති බව ද පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කරයි.

-මෙලනි




2016-04-07
Advertisement

Find us on Facebook