English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇඹිලිපිටිය ඝාතන නඩුවේ 12 දෙනෙකුට චෝදනා !

පොලීසියේ 12 කට චෝදනා. තවත් පිරිසක් නිදැල්ලේ. අධිකරණ නියෝගයකට අනුව 15 වෙනිදා සුමිත් ප‍්‍රසන්නගේ මළ සිරුර යළිත් ගොඩට!

ඇඹිලිපිටියේ නිවෙසක සාදයක් පවතින අතරේ එම ස්ථානයට කඩාවැදුනු පොලීසිය විසින් එල්ලකළ ප‍්‍රහාරයේදි ජීවිතක්‍ෂයට පත්වුණු සුමිත් ප‍්‍රසන්න තරුණයාගේ මරණය සම්බන්ධයෙන් එවකට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිළධාරීන් 12 දෙනෙකුට චෝදනා පත‍්‍ර ගොණුකර ඇතැයි ජාතික පොලිස් කොමිසම දන්වා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත්කළ කමිටුව මෙම චෝදනා පත‍්‍ර සකස්කර ඇත.

මෙම සාදය මෙන්ම ගැටුමද ජීවිත හානිය ද ඇඹිලිපිටිය-මහ ඇල ප‍්‍රදේශයේ පිහිටි නිවසක ජනවාරි මස 07 වෙනිදා සාදයක් පවතින අවස්ථාවේ දි සිදුවු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඞී සී ධර්මරත්න මීට ඉහතදී අත්අඩංගුවට ගත්තේය. ඔහු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගතව  සිටියි.

එහෙත්, සිද්ධියට සම්බන්ධ ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු තවත් පොලිස් නිළධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විසින් නියෝග කළ ද මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද වාර්තා වෙයි.

මේ අතර , අධිකරණ නියෝගයකට අනුව සුමිත් ප‍්‍රසන්නගේ මළ සිරුර මාර්තු 15 වෙනිදා ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු ඉදිරියේදි යළි ගොඩගැණිනි.

-මෙලනි



2016-04-07
Advertisement

Find us on Facebook