English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගාල්ලේ ධීවරයින් සිය රැකියාවේ අයිතිය ඉල්ලා මහ මඟට !
ධීවරයා සටන් කර දිනා ගත් රැකියාවේ අයිතිය නැතහොත් ඉන්ධන වලට ඇති අයිතිය කප්පාදු නොකර වහා ලබා දෙන ලෙසට ගාලූ පුරවරයේ ධීවර ජනතාව ඊයේ එනම් ජූලි 12 වනදා උද්ඝෝෂණයක් දියත් කළේය.

ගාල්ල ප‍්‍රධාන බස්නැවතුම්පොල ඉදිරිපිටදී දියත් කරන්නට යෙදුණු මෙම විරෝධතාවය සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් සංවිධානය කර තිබුණු අතර, ඉන්ධන අර්බුදයෙන් පීඩාවිඳින ගාලූ දිස්ත‍්‍රික්කයේ සියලූම ධිවරයින් උද්ඝෝෂණයට සහභාගි වු බව වාර්තා විය.

විරෝධතාවයට සහභාගි වු ධීවරයින්ගේ එකම අදහස වුයේ, ධීවරයා කිසිම කෙනෙකුට කරදරයක් නොකර රැකියාවේ යෙදෙන වෘත්තිකයෙක් බවත්, පොදුවේ රටට අවශ්‍ය කරන මත්ස්‍ය සම්පත ලබාදෙන වෘත්තියක් හේතුවෙන් ඊට හිමිකම් ඇති ඉන්ධන, සහන මිළකට ගැනීමේ පහසුකම ධිවරයා සතුවිය යුතු බවයි. වර්ථමාන ආණ්ඩුව විසින් නවතා දමා තිබෙන ඉන්ධන සහනාධාරය වහාම ලබාදීමට පියවර ගන්නා ලෙසට ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතාවය පවත්වන බවයි ඔව්හු පැවසුවේ.

සමස්තලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අදහස් ප‍්‍රකාශ කරමින්, ”මේ ආණ්ඩුව ඉතාම අසාධාරණ ලෙසට ඉන්ධන මිළ ඉහළ දැමු නිසා ධීවර ප‍්‍රජාව දැඩි පීඩාවකට ලක්වුණා. මේ පියවරට එරෙහිව ලංකාවේ බොහෝ දිස්ත‍්‍රික්කවලදී උද්ඝෝෂණ පැවැත්වුවා. ළු් උද්ඝෝෂණවලට ආණ්ඩුවේ ආරක්‍ෂක අංශ පහර දුන්නා. පහරදීමෙන් නොනැවතුණු ඔවුන් හලාවතදි ඇන්ටනි ප‍්‍රනාන්දු ධීවර කම්කරුවාව වෙඩි තබා මරාදැමුවා. එවැනි ජීවිත පරිත්‍යාගයකින් දිනාගත්ත ඉන්ධන සහනාධාරය මේ වන විට වසරකට වැඩිකාලයක් තුළ ධිවර ප‍්‍රජාවම රවට්ටමින් ප්‍රෝඩාකාරි ලෙස නවතා දමා තිබෙනවා. ධිවරයින් රවටමින් ආණ්ඩුව බොරු පොරොන්දු දෙනවා.”

වර්තමානයේදි ධීවර රැකියාව, බොහෝ අසීරු වෘත්තියක් බවට පත්වී ඇතැයි පැවසු ගමගේ මහතා, ධිවරයින් හට ලබාදිය හැකි සහනයක් ලබාදෙමින් ධිවරයා මුහුදට යවනවා වෙනුවට, ධීවරයා ධිවර කර්මාන්තයෙන් ඈත් කොට, මහ මුහුදේ ඇති මත්ස්‍ය සම්පත විදේශීය සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දමන්නේ යැයි පැවසීය.


කෙසේවෙතත්, ඔවුන් ආණ්ඩුවට බලකර කියාසිටින්නේ, ජීවිත පරිත්‍යාගයෙන් ධීවරයින් සටන් කර දිනාගත් ,ධීවරයාගේ එක් අයිතියක් වන ධිවර ඉන්ධන සහනාධාරය කප්පාදුවකින් තොරව ලබාදෙන ලෙසයි.



2014-07-13
Advertisement

Find us on Facebook