English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රටම වනසන පොර්ට් සිටි යට විරෝධය පාන්නට ආරාධනා !
ශ‍්‍රි ලංකාවේ පවතින නීති රීති හා අණ පනත් උල්ලංඝණය කරමින් සාගරය වෙරළ සහ රට අභ්‍යන්තරයේ ස්වභාවික සම්පත් විනාශ කරමින් එම ප‍්‍රදේශ අස්ථාවර කිරීම මෙන්ම ධීවර ජනතාව ඇතුළු රටේ මුළු මහත් ජනතාව පීඩාවට ලක් කරමින් වර්තමාන රජය යටතේ ද ඉදිකිරීමට හා නීති විරෝධී ගිවිසුම් වලට එළඹිමට සුදානම්වන පෝර්ටි සිටි ව්‍යාපෘතියට තරයේ විරෝධය ප‍්‍රකාශ කළ යුතු යැයි පවසන පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපරය, අද එනම් අපේ‍්‍රල් 04 වෙනදි සවස 04ට කොටුව, ගෝල්ෆේස් පිටියේදි දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරමින් සිය ප‍්‍රබල විරෝධතාව ප‍්‍රකාශකරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයිි.



රටේ ස්වභාවික සම්පත් වලටද ධීවර ජනතාවට ද සයුරු සම්පතට ද රට තුළ සම්පත් වලට ද විනාශය ලඟාකර දෙමින් අනාගත පරපුුර විනාශය කරා ගෙනයන්නට සුදානම් වන එම විනාශකාරි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධතාවය ප‍්‍රකාශ කිරීම සඳහා අද, 04.04.2016 පස්වරු 4 ට කොටුව ගෝල්ෆේස් නිල්ලට පැමිණෙන ලෙසට පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය මහජනතාවගෙන් ද ඉල්ලා සිටියි.
 

- මෙලනි





2016-04-04
Advertisement

Find us on Facebook