English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කුමාර් ගුණරත්නම්ගේ අවසන් තීන්දුව !


ගුණරත්නම් බන්ධනාගාරයට. හිතවතුන් ආගමන විගමන කාර්යාලය ආක‍්‍රමණය කරයි. නීතිපතිවරයා මත දෙකක යැයි චෝදනා කරයිි. 

අනවසරයෙන් ලංකාවේ රැදී සිටීමේ වරදට, 2015 නොවැම්බර් මස 04 වෙනිදා අත්අඩංගුවට පත් පෙරටුගාමි සමාජවාදි පක්‍ෂයේ කුමාර් ගුණරත්නම් හට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 50,000 ක දඩයක් නියම කිරීමට කෑගල්ල මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් 31 වෙනිදා නියෝග කළේය.

මෙය එක්තරා විධියක ජයග‍්‍රහණයකි. මන්ද නඩු තීන්දු නොමැතිව ඇතැම් සිරකරුවන් වසර ගණන් සිරගෙවල කාලය කාදමද්දී මොහුට වසරක් යන්නටත් මත්තෙන් සිය තීන්දුව නියම වු බැවිනි. ඒ, පෙරටුගාමි සමාජවාදි පක්‍ෂයේ සිය දේශපාලන සඟයින් විසින් දියත් කළ නොයෙක් ආකාරයේ බලපෑම් නිසාවෙනි.

කෙසේවෙතත්, එවකට රටේ ඇතිවු දේශපාලන වාතාවරණය හේතුවෙන් තම ජීවිතයට එල්ලවු තර්ජනවලින් බේරෙන්නට ආර් එම් දයාල් යන නමින්  ඕස්ටෙ‍්‍රිලියාවට සේන්දුවු ගුණරත්නම් පසුව නොයෙල් යන නාමයෙන්  ඕස්ටෙ‍්‍රිලියාවේ පුරවැසි භාවය ලබාගෙන ඇත.

පසුව, ඉකුත් ජනවාරි 29 වෙනිදා ඔහු  ඕස්ටෙ‍්‍රිලියා විදේශ ගමන් බලපත‍්‍රය හරහා දිවයිනට පැමිණි මෙරට ජීවත් වෙමින් සිටිය දී නිතිවිරෝධී රැදී සිටිමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කෙරුණි.

අවසානයේදි 2015 නොවැම්බර් 04 වෙනිදා රිමාන්ඞ් භාරයට පත්වුණු කුමාර් ගුණරත්නම් ඊයේ , එනම් 2016 මාර්තු 31 වෙනිදා සිය තින්දුවට යටත් වෙමින් ලිහිල් වැඩ සහිතව වසරක සිර දඬුවමක් සඳහා යළි බන්ධනාගාර ගතවිය.



   පිංතුර - ලංකාදීප

ආගමන විගමන කාර්යාලය ආක‍්‍රමණය කිරීම

ගුණරත්නම් බන්ධනාගාර ගත වීමෙන් දිනක් ගතවන විට ඔහුගේ හිතවතුන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණියේය. ඒ, නඩු තින්දුවක් ලබාසිටින සිය දේශපාලන මණ්ඩල සාමාජික සහෘදයා වෙනුවෙන් පුරවැසි අයිතිය ඉල්ලා සිටින අයදුම් පත‍්‍රය භාරදීමට යැයි හිටපු මන්ති‍්‍ර අජිත් කුමාර පැවසීය.

අයදුම් පත‍්‍රය භාරදීමට පෙර කුමාර් ගුණරත්නම් හට පුරවැසිය අයිතිය ලබාදෙන මෙන් පුංචි පහේ උද්ඝෝෂණයක් පවත්වා ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට අදාළ  අයදුම්පත භාරදීමට සැළසුම්කර ගෙන සිටී බවයි ඔහු පවසන්නේ.

එහෙත්, එසේ කිරීමට මත්තෙන් පොලීසිය තමන්ට ම්ලේච්ඡ ලෙසට පහර දුන්නේ යැයි ඔහු පවසයි.



උපුටා ගැනීම - සංදේශය

"ඔහුත් ඇතුළත් කණ්ඩායම ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට පොලිස් මාර්ග බාධක කඩා දමමින් ප්රචණ්ඩ ආකාරයට හැසිරුණා නොවේදැයි බීබීසී සංදේශය ප්රශ්න කළ විට අජිත් කුමාර කියා සිටියේප්රචණ්ඩ ආකාරයට හැසිරුනේ තමන් නොව පොලිසියබවයි."

"තමන් ඇතුළු පිරිස ආගමන විගමන කාර්යාලයට ඇතුල්වීම බාධා කරමින් පිටුපසට තල්ලු කිරීමට කටයුතු කළ පොලිසිය එම අවස්ථාවේ සිදු වූ මහජන දේපොළ අලාභ හානිවලට වගකිව යුතුය යන්න හිටපු මන්ත්රීවරයාගේ අදහසයි."

"කුමාර් ගුණරත්නම් ගේ පුරවැසි අයදුම් පත් සම්බන්ධයෙන් නීතිපතිවරයා මත දෙකක පිහිටා කටයුතු කරන බවත් අජිත් කුමාර කියා සිටියි."

"‘නීතිපතිවරයා මුලින් කිව්වා පුරවැසි පනත අනුව කුමාර් ගුණරත්නම් ගේ අයදුම් පත් භාර නොගන්නා ලෙස. නැවත කිව්වා ඔහුට එරෙහිව කෑගල්ල උසාවියේ ඇති නඩුව අවසන් වූ පසු පුරවැසි භාවය ඉල්ලා සිටින අයැදුම් පත් භාර ගන්න කියල. දැන් නඩුව වසන්. නිසයි එම අයැදුම් පත භාර දීමට අපි අද ගියේඅජිත් කුමාර හිටපු මන්ත්රීවරයා පවසයි."

පාලන දෙකේ වෙනසක් නැහැ

"කුමාර් ගුණරත්නම් මහින්ද රාජපක්ෂ පාලන සමයේ රටින් බැහැර වුනේ ජීවිත තර්ජන නිසා යයි සඳහන් කළ අජිත් කුමාර වත්මන් යහපාලන ආණ්ඩුව විදේශගත වූවන්ට යළි සියරට පැමිණ කටයුතු කරන මෙන් ඉල්ලීමක් කළත් කුමාර් ගුණරත්නම්ට එම අයිතිය අහිමි බවයි පවසන්නේ."

"ආණ්ඩුව තමන්ට කීකරු දේශපාලන කණ්ඩායම් වලට ප්රජාතන්ත්රවාදී අයිතිය සලසන නමුත් තමන් නගන හඬට ඇහුම්කන් නොදෙන බවත් අජිත් කුමාර හිටපු මන්ත්රීවරයා පවසයි."

උපුටා ගැනීම අවසන්

-    මෙලනි




2016-04-02
Advertisement

Find us on Facebook