English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නැගෙනහිර පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය යළිත් රිමාන්ඞ් !

මීට දසවසරකට ඉහතදී නත්තල් දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින රාජපක්‍ෂ ආණ්ඩුවේ නැගෙනහිර පළාතේ හිටපු මහා ඇමති ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  අපේ‍්‍රල් මස 28 වනදා තෙක් යළිත් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි වාර්තා වෙයි.
 
අද, අපේ‍්‍රල් පළමුවෙනිදා මඩකළපුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකළපුව මහේස්ත‍්‍රාත් විසින් පිල්ලෙයාන් යළිත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කර ඇත.

වසර 2005 දෙසැම්බර් 25 වන දින, සිය බිරිඳ සමඟ මඩකළපුව ශාන්ත මරියා දෙව්මැදුරේ නත්තල් දිව්‍ය පුජාවට සහභාගීවෙමින් සිටිය දී ජෝශප් පරරාජසිංහම් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  සැකපිට 2015 ඔක්තෝබර් මස 10 වන දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා ලදි.


පිංතුරය  -  ටැමිල් පුවත්

- මෙලනි



2016-04-01
Advertisement

Find us on Facebook