English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපි ඉල්ලන්නේ ආණ්ඩුවට දෙන්න බැරි දෙයක් නෙවෙයි - පතල් සේවකයෝ

"ඉල්ලීම ඉටුනොකරන්නේ නම් තවත් අඩි 2000ක් ගැඹූරට ගොස් මාරාන්තික උපවාසයකට සුදානාම් !"

මේ වන විටදීත් අඩි 1132ක් ගැඹුරෙහි පිහිටි දෝනාවක රැදීසිටිමින් උපවාසයක් ආරම්භකර ඇති පතල් සේවකයෝ පිරිසක් එසේ ප‍්‍රකාශ කරති.

"අපි ඉල්ලන්නේ ආණ්ඩුවට දෙන්න බැරි දෙයක්වත් , ඉටු කරන්න බැරි ඉල්ලීමක්වත් නොවෙයි. වෙනත් ආයතනවලට දෙනවා වගේ අපිටත් අලූත් අවුරුදු දීමනා දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ ? පසුගිය රජය කාලේ මේ ආයතනය මහා පරිමාණයෙන් දේශපාලනීකරණය වෙලා තිබුණේ. නමුත් අපි දැන් විශ්වාස කරන්නේ යහපාලනයක් පවතිනවා කියලයි. " උපවාසයක නිරත පතල් සේවක ඒ ඒ කරුණාරත්න පවසයි.

"අපේ ඉල්ලීම නොලැබුනොත් අඩි 2000ක් පහළට යනවා." අවදානමක් සහිත අනතුරු හැගවීමක් !

කුරුණෑගල දොඩම්ගස්ලන්දේ මිනිරන් පතලක සමස්ත සේවකයින්  87 දෙනෙකු පසුගිය අගහරුවාදා සිට මිණිරන් කැණීම ඇතුලූ සියලූ වැඩ වර්ජනය කරමින් "එළඹෙන සිංහල අවුරුද්ද වෙනුවෙන් තමන්ට හිමිවිය යුතු අවුරුදු ප‍්‍රසාද දිමනා වහාම ලබාදෙන ලෙසට" ඉල්ලා සිටිමින් උපාවාසයක නිරත වෙයි.

මෙසේ උපවාසය ආරම්භකර ඇත්තේ දොඩම්ගස්ලන්ද කහටගහ ග‍්‍රැනයිට් ලංකා ආයතනයේ පතල් සේවකයෝය.

"මේ ග‍්‍රැනයිට් සමාගමේ සභාපති අබ්දුල් මජිඞ් විසින් අප ඉල්ලා සිටින ප‍්‍රසාද දීමනා ලබාදිම සම්බන්ධයෙන් නිශ්චිතව අපට දැනුම්දෙනවා කියා පොරොන්දු වුනත් එසේ කළේ නැහැ. ඒ නිසා තමයි අපි අඛණ්ඩව මේ උපවාසය පවත්වාගෙන යන්නේ."
 
එහෙත්, තවදුරටත් ඔවුන් පවසා සිටින්නේ තමන්ගේ මෙම ඉල්ලීම ඉටුකරන්නට සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරිය පියවර නොගන්නේ නම් , තවත් අඩි 2000ක මට්ටමට ගොස් එතැන් පටන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි.

තොරතුර  - කුරුණෑගල සමන්  කරුණාරත්න

ජායාරූප - බීබීසි සංදේශය

-    මෙලනි



2016-04-01
Advertisement

Find us on Facebook