English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන් කරවීම අතුරුදහන් කරවමු !
ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින් එ්කරාශි වී දිගු ඉතිහාසයක් ඇති සිය ඥාතීන් අතුරුදහන්වීමේ වේදනාවේ කටුක අත්දැකීම ප‍්‍රසිද්ධියේ බෙදාගන්නටත් ජිනීවා යෝජනා තුළින් හා වර්තමාන ආණ්ඩුව මගින්, අතුරුදහන්වී සිටින සිය ඥාති අලාභය කෙසේ විසඳා ගන්නට හැකිවේද යන්න කථිකා කරන්නට, හෙට එනම් මාර්තු 30 වනදා අක්කරෙයිපත්තු නගර සභා ශාලාවේදි මහජන රැළියක් පැවැත්වෙන බව අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව දන්වා සිටියි.
   
අම්පාර දිස්ත‍්‍රික්කය තුළ අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයින් දහසක් පමණ සහභාගිවීමට නියමිත යැයි සැළකෙන මෙම මහජන රැළිය, කොටස් දෙකකින් පවත්වන්නට සැළසුම්කර ඇති බව ද සංවිධායකයින් ප‍්‍රකාශ කරයි.



පෙරවරු 10.00 සිට 12.00 දක්වා අම්පාර දිස්ත‍්‍රික්කය තුළ අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයින් අතර පමණක් සිදුකෙරන සාකච්ඡවක් සඳහා කාලය විවෘත වන අතර,  දහවල් 1.00 සිට පස්වරු 4.00 දක්වා ආණ්ඩුපක්‍ෂයේ ඇමතිවරුන් ද සමගින් සිදුකෙරෙන මහජන රැළිය පැවැත්වෙන බව අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට පැවසීය.

නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නෂීර් අහම්මඞ්, විරුද්ධ පක්‍ෂයේ නායක ආර් සම්බන්ධන්, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් සහ නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ යන මැති ඇමතිවරුන් මෙම මහජන රැළියට සහභාගි වන බව ද අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව සඳහන් කරයි.

දිගුකාලින මානසික පීඩනයකින් පෙළෙමින් සිටින අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයින් ජිනීවා පොරොන්දු සහ වර්තමාන ආණ්ඩුවේ පොරොන්දු තුළින් තමන්ට සත්‍යය දැනගැනීම සහ යුක්තිය ඉටුවන තෙක් බලාසිටින බව ද අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව සඳහන් කරයි.

- මෙලනි




2016-03-29
Advertisement

Find us on Facebook