English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දරඳඩුකමේ (මොඞ්) නිවේදනය එක්සත් ජාතින්ගේ අදීක්‍ෂණයට !
දරඳඩුකමේ (මොඞ්) නිවේදනය එක්සත් ජාතින්ගේ අදීක්‍ෂණයට ! සිවිල් සංවිධානවල දෝෂාරෝපණයට!! සිවිල් ජනතාවගේ විරෝධයට!!! ප‍්‍රතිචාර ඉදිරියට !!!! 

ජුලි මස 07 වෙනිදා, (මොඞ්) හෙවත් එම්  ඕ ඞී හෙවත් රාජ්‍ය ආරක්‍ෂ අමාත්‍යශයේ බලය තුළ චක‍්‍රලේඛයක් නිකුත්කර ඇත. එ්, සියලූම රාජ්‍ය නොවන සංවිධාන වෙතය. එනම්, තමන්ගේ සංවිධානයේ බලපත‍්‍රයෙන් හෝ සිමාවෙන් එහා ක‍්‍රියා කිරීම සපුරා තහනම්කර ඇති නිවේදනයි. එය හුදෙක් ”චක‍්‍රලේඛණයකට” වඩා ”නියෝගයක” ස්වරූපය උසුලයි. එ් අනුව, රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙතෙක් පවත්වාගෙන ආ මාධ්‍ය හමු පැවැත්වීම, මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සහ වැඩමුඑ පැවැත්වීම යනාදි කර්තව්‍යයන් සපුරා තහනම්කර ඇත. ජුලී මස පළමුවෙනිදා දාතමින් යුතුව එහෙත් 07 වෙනිදා නිකුත්කර ඇති මෙම අපූරු ඝණයේ ලා දැමිය හැකි චක‍්‍ර ලේඛය ”වහාම ක‍්‍රියාත්මකවන පරිදි” එම මොඞ් අණ ක‍්‍රියාත්මක කළ යුතු බවට දන්වා ඇත.

මෙම මොඞ් නිවේදනය මඟින් රාජ්‍ය නොවන සංවිධාන වෙත අභියෝගයක් එල්ලකරමින් ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වයන් අඩපණ කරන්නට සැරසෙන බවක් පෙන්වා දෙයි. එහෙත්, එම මොඞ් උත්සාහයෙන් කිසිවෙක් සැලී වෙලී බියෙන් සලිත වි නැති බව පෙනෙයි. ඔවුන් තනිවම පමණක් නොව සාමුහීකවද මෙම මොඞ් නිවේදනය තරයේ සහ පිළිකුල් සහගතව හෙළා දකිති.

අද, එනම් ජුනි 11 වෙනිදා, මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජාතික සාම මණ්ඩලයේ ආචාර්ය ජෙහාන් ප‍්‍රනාන්දු මහතා සෘජුව පවසන්නේ, ආණ්ඩුව මෙම එන් ජී  ඕ චක‍්‍රලේඛණය   අකුලා ගත යුතුබවයි. මෙම මොඞ් අණ තුළ, විසම්මුතියට ඇති ඉඩ සහ සත්‍යය ප‍්‍රකාශ කිරිම නිහඬ කරවන බවයි. යම්කිසි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අපරාධ නීතියක් හෝ වෙනත් ව්‍යවස්ථානුකුල නීතියක් කඩ කරන්නේ නම්, පවතින නීතිවලට අනුව ඊට විරුද්ධව ක‍්‍රියා කළ හැකි බවයි.

මේ අතර, එක්සත් ජාතින්ගේ සංවිධාන විසින් මෙම මොඞ් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මෙම අනතුරු හැගවීම විනිශ්චයකර බැලිය යුතු යැයි මහ ලේකම් බැං කි මූන් මහතාගේ නියෝජ්‍ය ප‍්‍රකාශක පසුගිය සතියේදි පැවසීය.

රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ/රෙජිස්ටාර්වරයා වන ඩි එම් එස් දිසානායක මහතා විසින් නිකුත් කර ඇති එම මොඞ් නිවේදනය, අදහස් ප‍්‍රකාශ කිරිමේ හා රැුස්වීමේ නිදහසට ද සිවිල් ජනතාවට ද සමස්ත ශ‍්‍රි ලංකාවටම ද සෘජු තර්ජනයක් මෙන්ම අභියෝගයක් ද වන බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රික සාරධර්ම හා පුද්ගල නිදහස ද කබාසීනියා කරදමමින් මෙම ආණ්ඩුව එ්කාධිපති රෙජීමයක් කරා පියවර තබමින් සිටින බව මානව හිමිකම් කටයුතුවල නිරතව සිටින නීතිඥවරයෙකු පවසා ඇත. කිසිඳු හේතුවක් මත භාෂණයේ නිදහස සහ සිවිල් සංවිධාන විසින් පවත්වනු ලබන ජනතා සම්මේලන මෙසේ පාලනය කිරීමට නෛතික බලයක් නොමැති බව ද ඔහු පවසා ඇත. කෙසේවෙතත්, ”තමන්ගේ සීමාවෙන් එහා ක‍්‍රියාකර ඇත්තේ ආරක්‍ෂක බලධාරීන්.”යැයි ද ඔහු පැවසීය.

අදහස් ප‍්‍රකාශ කිරිමේ ඇති නිදහසට සෘජුවම පහර දී ඇතැයි මාධ්‍ය සංවිධාන පවසයි. එමෙන්ම ඔවුන් ද පවසන්නේ ශ‍්‍රී ලංකාව එ්කාධිපතිවාධය කරා ගමන්කරමින් සිටින බවයි.

ආසියානු මානව හිමිකම් කොමිසම ද මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, යුධ අපරාධ වලින් චෝදනා ලැබ සිටින ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මානසිකත්වය නිකුත්කර ඇති එම මොඞ් චක‍්‍රලේඛණය මගින් විදහාපාන බවයි.

”මෙම නවතම මොඞ් නිවේදනයට අනුව, බොදුබල සේනාව ඇතුළු අනෙකුත් අන්තගාමි කණ්ඩායම් විසින් පවත්වනු ලබන මාධ්‍ය හමු සහ මාධ්‍ය ප‍්‍රකාශවලට ද තහංචි දමන්නේ දැයි විමසිල්ලෙන් බැලිය යුතුයි.” යැයි දේශපාලනඥයෙක් පවසා ඇත.

”මොඞ් නිවේදනය” සඳහා සමාජ ප‍්‍රතිචාරය එළඹෙන හෙට දවසෙදි පෙළගැසෙනු ඇත.

-මෙලනි මානෙල් පෙරේරා



2014-07-12
Advertisement

Find us on Facebook