English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කාන්තාව සුරැකීමට ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි - නැෆ්සෝ් කාන්තා අංශය
හෙට එනම් මාර්තු 29 දා, මෙරට සුළුපන්න ධීවරයින්ගේ උන්නතිය වෙනුවෙන් ක‍්‍රියාකරන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (නැෆ්සො), කාන්තා අංශය විසින් සිය දිස්ත‍්‍රික්ක කාන්තා නියෝජනයන් ද සමඟින් මෙවර කාන්තා දින සැමරුම කොළඹදී පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇතැයි නැෆ්සො කාන්තා අංශය පවසයිි.

මෙම සැමරුම කාන්තා කටයුතු භාර ඇමතිනි කේ ඞී එම් චන්ද්‍රානි බණ්ඩාර ගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලබන බව ද ඔව්හු ප‍්‍රකාශ කරති.



"කාන්තාව බලසතුකරණය තුළින් තීන්දු තීරණ ගන්නා සෑම ස්ථරයකම කාන්තාවන්ගේ සහභාගිත්වය වර්ධනය කරමින් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා ආහාර ස්වෛරීත්වය සහතික කරන, ජාතික කාන්තා ප‍්‍රතිපත්තියක් ගොඩනැගීම" සිය ප‍්‍රමුඛතම අවශ්‍යතාවය යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය ප‍්‍රකාශ කරයි.

මෙම මුඛ්‍ය අවශ්‍යතාවය තුළ ළමා අපචාර/කාන්තා හිංසනය/මත්ද්‍රව්‍යවලට එරෙහිව ආරම්භ කරන ලද අත්සන් ව්‍යාපාරයේ යෝජනාවලිය ද ජාතික කාන්තා ප‍්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා ග‍්‍රාමීය සහ දිස්ත‍්‍රික් මට්ටමේ කාන්තාවන්ගේ මැදිහත්වීමෙන් සකස් කරන ලද යෝජනාවලිය ද ආහාර ස්වෛරීත්වය සහ විශේෂයෙන් උතුරු නැගෙනහිර කාන්තාවන් මුහුණ දෙන ගැටළු ද කාන්තා කටයුතු භාර ඇමතිනියට භාර දීමට නියමත බව සඳහන් කරයි.

කාන්තා සමුළුව, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දි ප.ව 2.00 සිට 5.30 දක්වා පැවැත්වෙයි.

 
-    මෙලනි



2016-03-28
Advertisement

Find us on Facebook