English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අපේ ගමට ආ අපට බලපෑම්, නියෝග, නීතියට පයින් ගසයි ?

"ජනාධිපතිතුමෙනි, අගමැතිතුමෙනි, 2015 පෙබරවාරි 11 වෙනිදා කැබිනට් පත‍්‍රිකාවක් මගින් නිදහස්කළ අපේ ඉඩම් නොදෙන්නේ අසවල් කාරණයක් නිසා ද ? යහපාලනය කබාසීනියා කරන්න මානබලන  ඕව්හු කවරහුද ? ඔවුන්ගේ බලය ඔබලාගේ බලයටත් , නීතියටත් එහාද ?" පානම්පත්තුව සුරැකීමේ සංවිධානය අසයි !

2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින් අද, එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් සිට පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම් එල්ලවන බවත් පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි දුරකථනය ඔස්සේ ප‍්‍රකාශ කළේය.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදි ගම්වාසින් හට නීච ලෙස පහරදී, පන්නා දැමීමෙන් අනතුරුව, ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගත් පානමට අයත් ජනපද කිහිපයකම තමන්ගේ ඉඩම් නැවත ලබාදීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් කැබිනට් තීරණයක් ලබා දී වසරකටත් වැඩි කාලයක් ගත වි තිබුණ ද ප‍්‍රාදේශිය ලේකම්වරයා සහ රජයේ නිළධාරීන් එම අනුමැතිය තඹ දොයිත්තකට මායිම් නොකරන බව සෝමසිරි ප‍්‍රකාශ කළේය.

කැබිනට් තීරණයට පයින් ගසා, ආණ්ඩුවෙන් ලබාදුන් නියෝගය නොසළකා හරිමින් ප‍්‍රදේශිය ලේකම්වරයාද ඇතුළුව ප‍්‍රාදේශිය මට්ටමේ රජයේ නිළධාරීන් විසින් නොයෙකුත් මුසාවන් පවසමින් විවිධ අවස්ථාවලදි ගම්වාසින්ව මුලා කළ නිසා මෙවැනි තීරණයක් ගන්නට පානම්පත්තුව සුරැකීමේ සංවිධානයට සිදුවු බවයි සෝ්මසිරි කියා සිටියේ.

පානම, "රාගම්විල" නැමති මෙම ගම්මානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිය පාලන බලය යටතේ රඳවාගෙන සිටියි. එහෙත් ඒ ගම ගම්මුන්ට මිස ගුවන් හමුදාවට අයිතිව තිබු ගමක් නොවන වගට අදටත් ජීවමාන ඇතැම් සාක්‍ෂි පෙන්වා දෙයි. 




"පොලීසියෙන් , ගුවන් හමුදාවෙන් අපිව වටකරලා. ඒකට හේතුව තමයි අද දවල් අපි අපේ ගමට ආවා. ඒ අවුරුදු හයකට පස්සේ. අපි ගමට ඇතුලූවුනාට පස්සේ පොලිසියෙන් අපිට වාරණ නියෝගයක් ගෙනත් දුන්නා."

"අපි පවුල් කිහිපයක් ඊයේ හවස පානමින් පිටත් වුණා, ඊයේ රාත‍්‍රියේ ඉඳලා අද දහවල් වෙනතුරු අපි පානම පොතුවිල් ප‍්‍රධාන මාර්ගය අසළ රාගම්විල ග‍්‍රාමය සීමාවේ නැවතිල ඉඳලා ඉතාම සාමකාමි උද්ඝෝෂණයක් පැවැත්වුවා. අපි කෑගහුවේ නැහැ. අපිට කියන්න තියෙන දේ කාඞ්බෝඞ්වල ලියලා කාටත් පේන්න, කියවගන්න පුළුවන් වෙන විධියට පාරට පෙන්න එල්ලූවා. එතැන්ට බුද්ධි අංශයෙන් ආවා. නමුත් අපි එතනම දවල් කෑම උයාගෙන කාලා අපි පිටත් වුණා."






"නමුත් අපි ගමට ඇතුල්වුනාට පස්සේ පොලීසිය ගුවන්හමුදාව ඇවිත් අපිට තර්ජනය කලා. අධිකරණ නියෝගයක් භාරදුන්නා. නිල මුද්‍රාවක් තිබුණේ නැති නිසා ඒ නියෝගය පිළිගන්න බැහැ කියලා අපි කිව්වා. කෙසේවෙතත්, අපේ මිනිස්සුන්ව පන්නලා අපේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගත්තට පස්සේ හදපු ගුවන් හමුදා කඳවුරු භූමියට ඇතුල්වීම තහනම්, පානම පොතුවිල් මහාමාර්ගය අවහිර වෙන විධියට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කියලා ඒ අධිකරණ නියෝගයේ තිබුණා. නමුත් අපිට ඒ නියෝග දෙකම වැඩක් නැහැ මොකද අපි එවැන්නක් තීන්දුකරලා නැහැ." යනුවෙන් පුංචිරාල සෝමසිරි ප‍්‍රකාශ කළේය.