English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කාර්ය නිම නොවු සිවිල් සමාජයේ අනාගත කාර්ය භාරය

අසීරුවෙන් ඇතිකරගත් වෙනස , සැබෑ වෙනසක් සේ සමාජගත කිරීම සඳහා, එදා එම වෙනස ගෙනඑන්නට දායක වුණු සමස්ත සිවිල් සමාජයම දිස්ත‍්‍රික්ක මට්ටමින් සහ ජාතික මට්ටමින් යළි ක‍්‍රියාත්මක විය යුතු බව, නයිනමඩම චින්තන පුහුණු මධ්‍යස්ථානයට එක්වු සිවිල් සමාජ ක‍්‍රියාකාරිහු ප‍්‍රකාශ කළෝය.

2015 ජනවාරි මස 08 වෙනිදා උදාවු වෙනස නිකම් ම ඇති වුවක් නොවන අතර දැඩි දුෂ්කරතා තුළින් අප‍්‍රමාණ බාධක මැදින් උදාකරගත් වෙනසක් බවත් කැපවීම මත පත්කරගත් වර්තමාන ආණ්ඩුවේ මේ වන විට ජයග‍්‍රහණ මෙන්ම අසමත්වීම් ද ඇති බවත් එම අසමත්වීම් සඳහා පිළිතුරු සොයාගැනීම හා සිවිල් සංවිධාන විසින් එදා ඉල්ලා සිටි දේ ලබාගැනීම සඳහා ආණ්ඩුව නිවරැදි දිශානතියක් කරා මෙහෙයවීමත් අසීරුවෙන් බිහිකරගත් මෙම ආණ්ඩුව, විනාශකිරීමට එන බලවේග වලින් ආරක්‍ෂා කිරීමත් සිවිල් සමාජ ක‍්‍රියාකාරින්ගේ මෙන්ම සමාජ සංවිධානවල විශාල වගකීමක් වනු ඇතැයි සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් පැවසූහ.



ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති අධිනිතිඥ ලාල් විජේනායක අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදිම සඳහා මහජනතාවගේ අදහස් ලබාගැනීමේ පියවර ඉතිහාසයේ පළමුවරට සිදුවු බවත් මහජනතාව ඊට ඉතා හොද ප‍්‍රතිචාරයක් ලබාදෙමින් ඉතාම වටිනා යෝජනා ඉදිරිපත්කළ බවත් ය.

විද්යුත් තැපෑල මගින් ද යෝජනා 1600ක් ලැබුණු අතර සමස්ත යෝජනා අදහස් පන්දහසක් පමණ ලැබී ඇති බව ද ඔහු පැවසීය.
 
පැවති දරදඬු පාලන තන්ත‍්‍රයට එරෙහිව වෙනසක් අවශ්‍යය යැයි දැඩිසේ විශ්වාස කළ සහ ඒ වෙනස ඇතිකර ගැනීමෙහිලා පෙරමුණ ගෙන ක‍්‍රියාත්මක වුණු සිවිල් සංවිධාන සාමාජීකයින් සැමගේ සිත් වල යම්කිසි සිහිනයක් තිබුණු බවත් එම සිහිනය සැබෑ කරගැනීම සඳහා නොයෙකුත් භාධක තුළින් ඒ ඔස්සේ හඹා ගිය බවත් පැවසු ප‍්‍රවීන කලාකරු ජයතිලක බණ්ඩාර ගිණි ගනිමින් තිබු මහපොළොවේ සිට වැහි වළාකුලකට ආරාධනා කළ බව පැවසීය.


කලාව සහ සාහිත්‍ය ද සමාජය දැනුවත් කරන්නට සහ සමාජයේ වෙසෙන මිනිසුන්ගේ මතය ශුභදායි ලෙසට වෙනස් කරවන්නට යොදා ගත හැකි බව ද දිර්ඝ දේශනයක් පවත්වමින් ජයතිලක බණ්ඩාර පැහැදිළි කළේය.

නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයන් සමඟ, පසුගිය ජනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේදි වෙනසක් ඇතිකිරීම සඳහා කටයුතු කළ දිස්ත‍්‍රික්ක 12ක ක‍්‍රියාකාරීන් 65 දෙනෙකු අද නයිනමඩම චින්තන පුහුණු මධ්‍යස්ථානයේදි සිවිල් සමාජයේ අනාගත කාර්ය භාරය කුමක් ද යන මැයෙන් පැවැත්වු වැඩමුළුව සඳහා සහභාගි වුහ.
 


සටහන සහ ඡායාරූප   -  මෙලනි මානෙල්




2016-03-26
Advertisement

Find us on Facebook