English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"සාධාරණ" ය ව්‍යවස්ථා සංශෝධන කමිටුවට

"සමාජ හා සාමයික කේන්ද්‍රය" එනම් සී. එස්. ආර් ආයතනය විසින්, එම ආයතනය හා විවිධ අංශවලින් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින්, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගැනීම සඳහා දරණු ලබන අදහස් හා යෝජනා, සී. එස්. ආර් ආයතනය විසින් ම එළිදක්වන "සාධාරණ" සඟරාවට එ්කරාශිකර, එම සඟරාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා අදහස් යෝජනා ලබාගන්නා කමිටුව වෙත භාරදීම පසුගියදා එම ආයතනයේදි සිදුවිය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගැනීම සඳහා වු විවිධ තරාතිරම්වල පුද්ගලයින්ගේ අදහස් යෝජනා රැගත් එම "සාධාරණ" සඟරාව, අයාතන ප‍්‍රධාන නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමා විිසින් මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක වෙත පිළිගැන් විය.



මෙහිදි අදහස් දැක්වු සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක ගරු අශෝක් ස්ටීවන් පියතුමා කියා සිටියේ, ජේ. ආර් ජයවර්ධන මහත්මයා විසින් එම ව්‍යවස්ථාවට අමුර්තයක් එක්කර තිබු බවත්, එම අමුර්තයේ රස දැණුනු ආණ්ඩු පක්‍ෂවල දේශපාලනඥයින් විසින් ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න කිසිසේත්ම කැමැත්තක් දැක්වුයේ නැති බවයි.

"බොහෝ දේශපාලනඥයින් මේ ව්‍යවස්ථාව දුටුවේ කප්රුකක් ලෙසටයි. ඒත් විද්වතුන් ඇතැම් පුද්ගලයින් දුටුවා මේ ව්‍යවස්ථාවේ බොහෝ් අඩුපාඩු තිබෙනවා කියා. ඒ නිසා එම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියා මතයක් ගොඩනගැඟුනා. වර්ථමානයේදි රටේ ජීවත්වන පුරවැසියන් බහුතරයක් මේ වෙනස ඇතිවිය යුතුමැයි කියා කියා සිටිනවා. විධායක ජනාධිපති ක‍්‍රමය, මැතිවරණ ක‍්‍රමය, පළාත්සභා ක‍්‍රමය, රටේ පරිපලානය රටට ගැලපෙන විධියට වෙනස්වෙන්නට අවශ්‍ය බව ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. අපේ මේ උත්සාහයත් ඒ වෙනස කෙසේ විය යුතු ද කියා අප ආයතනය ඇතුළු අදාළ පුද්ගලයින් අදහස්කරන යෝජනා මෙම කමිටුවට භාරදීමයි" යනුවෙන් අශෝක් පියතුමා ප‍්‍රකාශ කළේය.

සාධාරණ සඟරාව භාර ගැනීමෙන් අනතුරුව සභාව ඇමතු අධිනිතිඥ ලාල් විජේවර්ධන, "අපි හිතුවට වඩා මිනිස්සු දායකත්වයක් ලබාදුන්නා. මිනිස්සු තමන්ගේ දුක්ගැනවිලි රාශියක් ඉදිරිපත් කළා. ඔවුන් කියා සිටියා ඔවුන්ගේ දුක්ගැනවිළි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නට තමන්ටලද පළමු අවස්ථාව මෙය කියා. එහිදි ඔවුන්ගේ දුක්ගැනවිළි වලට කන්දීම ඉතාම වැදගත් වුනා. ඒ අතර ඉතාම හොඳ යෝජනා තිබුණා." යැයි නීතිඥ ලාල් විජේවර්ධන පැවසීය.



                                 

   
මොන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සෑදුවත් මිනිස්සුන්ගේ මුලික ප‍්‍රශ්නවලට පිළිතුරු නොදී, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ලබා නොදී පලක් නොවන බව, විවිධ දිස්ත‍්‍රික්කවලට ගොස් මහජන අදහස් ලබාගැනීමෙදි සිය කමිටුව ලැබු අත්දැකීමක් යැයි ඔහු ප‍්‍රකාශ කළේය.

"රටේ දේශපාලනය ගැන මිනිස්සු විශාල වශයෙන් කලකිරිලා. පාර්ලිමේන්තුවට මන්ත‍්‍රිවරුන් යවනවා වගේම අවශ්‍යවු විට ඔවුන්ව ආපසු ගෙන්වීමටත් ජනතාවට අයිතියක් , බලයක් ලබා දියයුතු යැයි ද මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් හා පොලීසියෙන් සිදුවන හිරිහැර පීඩා සම්බන්ධයෙන් පියවරගැනීමක් සඳහා ද මහජනතාව විසින් යෝජනා ඉදිරිපත් කළා." යැයි නීතිඥ ලාල් විජේවර්ධන වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.



සටහන හා ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා



2016-03-25
Advertisement

Find us on Facebook