English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රවිරාජ් ඝාතනය - ප‍්‍රමාණවත් සාක්‍ෂි !
2006 වසරේදී, නාරාහේන්පිට යුධ හමුදා රෝහල ඉිදිරිපිට දී ,  නාදුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබු කොළඹ දිස්ත‍්‍රික්කයේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු වු නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා ප‍්‍රමාණවත් සාක්‍ෂි තිබෙන බවට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්  තිළිණ ගමගේ විසින් අද (17) තීරණය කළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළුන් දෙදෙනක් පොලිස් නිළධාරියෙකු සහ කරුණා පාර්ශවයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව රහස් පොලීසිය විසින් චෝදනා පත‍්‍ර ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.


මෙම ඝාතනය පිළිබඳ මූලික විභාගය සිදුකරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසිනි. සිය මුලික විභාගයෙන් අනතුරුව, මෙම ඝාතනය හා සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මහාධීකරණයේ අධි චෝදනා පත‍්‍ර ඉදිරිපත් කිරීම සඳහා ප‍්‍රමාණවත් සාක්‍ෂි තිබෙන බව ඔහු කියා සිටි අතර අදාළ සැකකරුවන්ට එරෙහිව නඩු පවරන ලෙසට නීතිපතිවරයාට අද නියෝග කර ඇත.

එහෙත් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන කරුණා පාර්ශවයේ සැකකරුවන් දෙදෙනා මේ වන විට අධිකරණය මඟහැර විදෙශයකට පලා ගොස් ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, එසේ පලාගොස් ඇති සැකකරුවන්  අත් අඩංගුවට ගන්නා මෙන් දන්වා ශ‍්‍රි ලංකා අධිකරණය ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කරනු ලැබ ඇති බව ද වාර්තා වෙයි.

-මෙලනි





2016-03-17
Advertisement

Find us on Facebook