English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලනය සහ සංහිදියාව මත රටේ අනාගතය රැදෙනු ඇත - ජනාධිපති මෛත‍්‍රිපාල


"සංහිදියාව යන වචනය සහ යහපාලනය යන වචනය අද ඇතැමුන් විසින් සමච්චලයට ලක් කරනවා. අපට නින්දා අපහාස කරන අයට මම කියනවා මේ රටේ අනාගතය රැදීලා තිබෙන්නේ ඒ වචන දෙක මතයි කියලා." යැයි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අද (16) කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ප‍්‍රකාශ කළේය.

වර්තමාන ශ‍්‍රී ලංකාව තුළ වැඩියෙන්ම විවේචනයට ලක්වන වචන දෙක සංහිදියාව සහ යහපාලනය ලෙසට ජනාධිපතිවරයා විසින් පැහැදිළි කරනු ලැබුවේ "සංහිදියාව සහ සාහිත්‍ය රසාස්වාදනය" මැයෙන් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උළෙලකදීය.

මෙවර නිදහස් දින උළෙලේදි ජාතික ගීය දමිළ බසින් ගායානා කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, "ජාතික ගීය දෙමලෙන් ගායනා කරලා අවසාන වුණාට පස්සේ සුමාන ගාණක් තිස්සේ අන්තර්ජාලය තුළ මට කියන්න තියෙන ඔක්කොම කුණුහරුප කිව්වා. රට පාවා දෙන්නා කියලත් කිව්වා" යැයි පැවසීය.

මීට දින තුනකට පෙර තමන් උතුරට ගිය බව සිහිපත් කළ ජනාධිපතිවරයා උතුරේ ජනතාවට තමන් කිසිවක් දී නොමැති බව ද සඳහන් කළේය.

"මම දවස් තුනකට කලින් උතුරට ගියා. මම තාම ඒ අයට කිසි දෙයක් දීලා නැහැ. බඩු බෙදලත් නැහැ. නමුත් මීට වසර එකහාමාරකට කලින් ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරන සමයේදි එවකට ආණ්ඩුවේ නායකයින් සමඟ උතුරුට ගොස් රුපියල් කෝටි ගණනක් වටිනා බඩු බෙදලා දුන්නා." යැයි සිහිපත් කළේය.



බිඳුණු හදවත් සුවපත් කර ශ‍්‍රි ලංකාවේ ජීවත්වන සියලූම දෙනා අතර සංහිඳියාව ඇති කිරිම දේශපාලනඥයින්ට පමණක් කළ හැක්කක් නොවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා,  එම කර්තව්‍ය ඉටුකිරිමෙහිලා කලාකරුවන් සහ මාධ්‍යවේදීන් වෙත විශාල වගකීමක් පැවරී ඇතැයි පැවසීය.

-මෙලනි



2016-03-16
Advertisement

Find us on Facebook