English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යෝෂිත ඇතුළු 4ට ඇප ලැබෙයි-නිශාන්තට වෙනම සලකා බලයි

යෝෂිත රාජපක්ෂ ඇතුලු සැකකරුවන් සිව් දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියෝග කර තිබේ.  සැකකරුවන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවිම ද තහනම් කර ඇත.

ඇප ඉල්ලීම් පිළිබඳ තීන්දුව ලබා දෙමින් කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එක් එක් සැකකරුවන් මුදාහරින ලෙස නියෝග කර ඇත.

ඇප ලබාදීම සඳහා ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත්විය යුතු බවත් ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළ යුතු බවත් මහාධිකරණය නියෝග කර තිබේ.

කෙසේ වෙතත් CSN නාලිකාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ බව කියනමෙම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගතව සිටින නිශාන්ත රණතුංග මහතා වෙනම ප්‍රතිශෝධන ඇප අයදුම්පතක්  මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබද තීන්දුව මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැත.

උඩුවේ ධම්මාලෝක හිමි ද මේ වන විට ඇප මත නිදහස්වී සිටිති.

- මෙලනි



2016-03-14
Advertisement

Find us on Facebook