English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහජන මතයට කන්දෙනු! වරාය නගරය වහාම නතර කරනු !

මහජන මතයට කන්දී ජනතා විරෝධී මෙන්ම පරිසර විරෝධී වරාය නගරය වහාම නවතා දමන ලෙසට, පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය, අද (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සහ අගමැති තුමා ඇතුළ යහපාලන රජයට  බලකර සිටියි.

මලික් සමරවික‍්‍රම හා සාගල රත්නායක ඇමතිවරුන් දැනටමත් චීනයට ගොස් මූලික සාකච්ඡ පවත්වන බවට මාධ්‍යවල තොරතුරු පළ වී තිබුුණු බව පවසන පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය, ස්ථීර වශයෙන් පෝට් සිටි ව්‍යෘපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමට නියමිත බවත් ඒ සඳහා මාර්තු මස 10 වැනි දින කැබිනට් අනුමතියද ලැබී ඇති බවත් සඳහන් කරයි.

පෝර්ට් සිටිය ඉදිකිරිමට එරෙහිව ඉහල අධිකරණයේ නඩු දෙකක් ඇසෙමින් තිබිය දී සහ  පරිපූරක පාරිසරික අගැයුම් වාර්තාව පිළිබදව ක‍්‍රියාවලිය අවසන් නොවී තිබිය දී අධිකරණය පවා අගෞරවයට ලක්කරමින් අගමැති තුමා මේ පිළිබදව ඩාවෝස් නගරයේ සිට කළ ප‍්‍රකාශය කොහෙත්ම අනුමත කළ නොහැකි බව සඳහන් කරන පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය, ඉන් අනතුරුව නව ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කරමින් එය අත්සන් කිරීම සඳහා අගමැතිවරයා නුදුරු දිනක චීනයට යෑමට නියමිත බව ද සඳහන් කරයි.

රටට විනාශයක් සිදුවන බව ප‍්‍රකාශ කරමින්, මහ මැතිවරණයට පෙර එනම් 2015 අගෝස්තු මාසයට පෙර රනිල් වික‍්‍රමසිංහ වර්තමාන අගමැතිවරයා තමන් බලයට පැමිණි විට වහා නවතා දමනවා යනුවෙන් ඡන්ද පොරොන්දු දුන් සහ ප‍්‍රසිද්ධියේ මාධ්‍යට ප‍්‍රකාශ ලබාදුන් පෝර්ට් සිටි ය, තමන් බලයට පැමිණ වසරක් ගතවන්නටත් පෙර යළි ආරම්භ කරනවා යැයි යහපාලන ආණ්ඩුව විසින් කෙසේ ප‍්‍රකාශ කරන්නේ දැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය ප‍්‍රශ්න කරයිි.

”ජනතාවගේ අදහස් වලට ගරුකිරීම, විවේචන වලට කන්දීම, තීන්දු ගැනීමේදී ජනතාව සහභාගී කර ගැනීම ආදී ගුණයන් යහපාලන ආණ්ඩුවක අනිවාර්ය ලක්ෂණයන් විය යුතුමය.” යනුවෙන් සඳහන් කරන පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය, ”කොළඹ වරාය නගරය පිළිබදව දැනට මහජනතාව, පරිසරවේදීන් සහ විශේෂඥයින් විසින් මෙතෙක් කර ඇති විවේචන ඉවත දැමීමට ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුවකට කළ නොහැකි දෙයක් යැයි අවධාරණය කරයි.

මහින්ද ආණ්ඩුව මහජනතාව විසින් ප‍්‍රතික්ෂේප වූයේ ඉහත ගති ලක්ෂණ ඔහුගේ ආණ්ඩුව තුල නොතිබුන බවත් ජනතාව එවැනි ”යම පාලනයක්” නැවත පත්කර ගැනීමට කිසිවිටක අපේක්ෂා නොකෙරෙන බවත් එම මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.

එබැවින්, ජනතාවගේ ජීවිතවලට ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් තර්ජනයක් වන අවස්ථාවන්හිදී ඔවුන්ගේ අදහස් නොතකා දරදඬු පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඊට විරුද්ධ වීම පුරවැසියා ගේ වගකීම වනු ඇති බව පෙන්වා දෙන පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය, එහෙයින්, මහජන මතයට කන්දී ජනතා විරෝධී පරිසර විරෝධී වරාය නගරය වහාම නතර කරන ලෙස ගරු ජනාධිපති තුමා හා අගමැති තුමා ඇතුළු යහපාලන රජයට බලකර සිටියි.



පෝර්ට් සිටි විරරෝධී ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරුවන් වෙනුවෙන් ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා , හර්මන් කුමාර , හේමන්ත විතානගේ , වින්සන්ට් බුලත්සිංහල  ,  සජීව චාමිකර , තිලක් කාරියවසම් සහ චින්තක රාජපක්‍ෂ යන අය එම මාධ්‍ය නිවේදනය අත්සන්  තබා ඇත.

-    මෙලනි



2016-03-13
Advertisement

Find us on Facebook