English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණයට පැමිණිලි කළ හැකියි ... නීතිමය ක්‍රියාමාර්ග ...!
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ගෙවිය යුතු අවම වැටුපක් නීති ගත කෙරෙන්නේ පළමු වරට බවත් රුපියල් 2500ක දීමනාව සහ රුපියල් 10000ක අවම වැටුප නොගෙවන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න පවසයි.

"පසුගිය වසර දහය තුළ වැටුප් වැඩි වීමක් සිදු වුනේ නැහැ. 2015 මැයි පළමුදා සිට රුපියල් 1500 ක්‌ලැබෙනවා. 2016 ජනවාරි පළමුදා සිට ඒ අයට තව රුපියල් 1000ක්‌ ලැබෙනවා" යි අමාත්‍ය ඩබ්ලිව්ඩීජේ සෙනවිරත්න පවසයි.


අමාත්‍යවරයාට  අනුව, එම දීමනා ලබා නොදෙන සමාගම් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිලි කළ හැක. වරදකරු බව තීන්දු වුවහොත් ඔවුන්ට රුපියල් 25000 ක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හිමි වනු ඇත.

රුපියල් 40000 ට අඩු වැටුප් ලබන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන රුපියල් 2500 දීමනාව සහ රුපියල් 10000 ක අවම වැටුප සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී ඇති අතර කථානායකවරයාගේ අනුමැතිය ලද වහාම එය නීති ගත කරන බව ඇමතිවරයා පවසයි.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා 2015 මැයි පළමු වෙනිදා සිට රුපියල් 2500 ක දීමනාවක් ලබා දිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීන්දු  කළ අතර, එය ක්‍රියාත්මක කිරීම තමාට පැවරුනු බව අමාත්‍යවරයා සඳහන් කළේ.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් පසු ගිය කාලයේ සිදු නොවූ බව පැවැසූ අමාත්‍ය සෙනවිරත්න, අවසන් වරට එවැනි වැටුප් වැඩි කිරීමක් සිදු කෙරුණේ 2005 වසරේදී බවත් පෙන්වා දුන්නේය.

- මෙලනි



2016-03-12
Advertisement

Find us on Facebook