English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජපක්‍ෂ නමින් පාරක් නොව අලූත් බද්දක් !

ශ‍්‍රි ලංකික ඇතැම් ප‍්‍රජාවකට රාජපක්‍ෂ නමින් හදුන්වා දෙන අලූත් බද්දකට බදු ගෙවන්නට ඉදිරියේදි සිදුවෙයි.

ඉදිරියේදි පැනවෙන්නට නියමිත මේ බද්ද ආ කළ රටේ තොටේ තොරතුරු කියවා ගන්නට තිබෙන අවස්ථාව පුරවැසියන් විසින් කෙමෙන් කෙමෙන් ඉවතලා දමනු ඇති දැයි සැකයක් පැන නගියි.

මන්දයත්, පසුගිය පෙබරවාරි මාසෙදි ඉහළ ගිය දිනපතා පළවන පුවත්පත්වල මිළ යළිත් වතාවක් ඉහළ නැංවෙනු ඇතැයි වාර්තා වන හෙයිනිි. 

ඒ, පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ජාතික ණය පද්ධතියට ඇතුලත්කර නොගත් රුපියල් බිලියන 1042.08 ක ණය ප‍්‍රමාණයක් ගෙවා දැමීමට වර්ථමාන රනිල් – මෛත‍්‍රි ආණ්ඩුවට සිදුවීම මෙසේ පුවත්පත් මිළ ඉහළ යන්නට පසුබිම සැකසෙන හෙයිනි.

මෙකී රුපියල් බිලියන 1042.08 ක ණය ප‍්‍රමාණය ගෙවා දැමීම සඳහා පුවත්පත් කඩදාසිවලට 4% ක බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත.

අඩු අදායම් ලාභින්ට බරක් නොවන අන්දමට ධනවතුන්ගෙන් අදාළ ණය ගෙවීම සඳහා බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවත් එම බද්ද රාජපක්‍ෂ බද්ද නමින් හදුන්වනු ලබන බවත් රජය ප‍්‍රකාශ කරයි.

-    මෙලනි




2016-03-10
Advertisement

Find us on Facebook