English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථා කෙටුම්පත මාස 6 කින් - අජිත් පෙරේරා

පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කරනු ලැබීමේ යෝජනාව සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී අද (09) සම්මත විය.

ආණ්ඩුව පසුගිය ජනවාරි මස අට වෙනිදා ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ පක්ෂ ගණනාවක්ම සංශෝධන ඉදිරිපත් කළ අතර ඒවා සැලකිල්ලට ගනිමිනුයි සංශෝධිත යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ.

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ සංශෝධිත ව්‍යවස්ථාවේ පිටපතක් මාස හයක කාලයක් ඇතුළත ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි සුභවාදී බලාපොරොත්තු තබා ගත හැකි බවයි.

ශුභවාදී බලාපොරොත්තු

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගැබේ සිටියත් ඔවුන් යෝජනාවට විරෝධය දැක්වීමක් හෝ ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටි බවයි අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ.

‘යෝජනාවට සහාය දීමට මන්ත්‍රීවරු 160ක් පමණ පාර්ලිමේන්තුවේ රැඳී සිටියා, විපක්ෂය සහාය නොදුන්නත් යෝජනාව 2/3 ඡන්දයකින් සමමත වෙනවා’ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

නිර්මාණය කරනු ලබන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද නැත්නම් දැන් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක්දැයි විමසූ විට නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එය කෙටුම්පත් කෙරෙන ව්‍යවස්ථාව මත පදනම් වන බවයි.

අලුතින් සකසන ව්‍යවස්ථාවේ නව කරුණු වැඩි නම් එය නව ව්‍යවස්ථාවක් ලෙස හැදින්විය හැකි බවත් නැත්නම් එය 20 වැනි සංශෝධනය ලෙස හැදින්විය හැකි බවත් නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායකයා

මේ අතර විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් විමසන කමිටුව ඉදිරියේ සිය අදහස් පළ කර තිබුණි.

 

                            කමිටු සභාපති නීතිඥ ලාල් විජේනායක

ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ කමිටුව ඉක්මනින් ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන බව තමාට දැනුම් දුන් බවයි.

කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක අදහස් දක්වමින් තම වාර්තාව තවත් මාසයකින් පමණ ඉදිරිපත් කරන බවයි සඳහන් කළේ.

සිවිල් සංවිධාන සහ පුද්ගලයන් දහස් ගණනක් කමිටුව ඉදිරියේ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර බොහෝ දෙනාගේ උවමනාව පැරණි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නොව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වන බවයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් විමසන කමිටුවේ සභාපතිවරයා කියා සිටියේ.


                              උපුටා ගැනීම රාවය පුවත්පත   බීබීසි සංදේශය

                                                   - Melani





2016-03-09
Advertisement

Find us on Facebook