English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දෙටු පුත් රාජපක්‍ෂ ද නීතිය ඉදිරියට !

දෙටු පුත් රාජපක්‍ෂට එරෙහිව විමර්ශන කටයුතු ආරම්භ වෙයි. බැංකු ගිණුම් හතරක් ද තහනම් කරයි. "නාමල් බේබිවත් අත්අඩංගුවට ගන්නයි මුං හදන්නේ" යැයි රාජපක්‍ෂ හිතවාදි සහ පසුපස යන්නන් ආණ්ඩුවට දෝෂාරෝපණය කරති.
  
මුදල් විසුද්ධීකරණ පනත යටතේ කොළඹ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු ජනාධිපති රාජපක්‍ෂගේ දෙටු පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරමින් නඩු පවරා ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු සේ හිදිමින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද රුපියල් කෝටි 15 කට අධික මුදලක් යොදවා "හෙලිකොප්" නැමැති සමාගමක් මිල දී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව කියැවෙයි.
අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් හතරක් ද තහනම් කිරිමට අධිකරණය අද පියවර ගෙන ඇත.

පොලීසිය කළ ඉල්ලීමකට අනුව නාමල් රාජපක්‍ෂ හැර පරීක්‍ෂණයට භාජනය කෙරෙන සෙසු පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් විසින් බලධාරින්ට නියෝග කර ඇත.
එමෙන්ම පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මේ මස 31 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය පොලිසියට නියම කර ඇත.

මේ පිළිබඳව වාර්තා වීමත් සමඟම රාජපක්‍ෂවාදි හෙතෂින් ප‍්‍රකාශකරන්නට වුයේ "මුං දැන් නාමල් බේබිවත් හිරේ විලංගුවේ දාන්න යන්නේ. මොනවා කෙරුවටද මේ විදියට පලි ගන්නේ!"



නාමල් - "හෙලිකොප්" සමාගම් ගනුදෙණුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන්නට අඩිතාලම දමා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රිවරයෙකු වන වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව යැයි පොලීසිය ප‍්‍රකාශ කර ඇත.

-මෙලනි



2016-03-09
Advertisement

Find us on Facebook