English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කලු මාර්තුවක් - කලූ කාන්තා දිනයක් !

උතුරු නැගෙනහිර දකුණ සහ කඳුකරයේ ද ව්‍යාප්තව කටයුතු කරන කාන්තා ක‍්‍රියාකාරි ජාලය (Women’s Action Network)  විසින් අද ජාත්‍යන්තර කාන්තා දිනය, කලූ කාන්තා දිනයක් ලෙසටත් සමස්ත මාර්තු මාසය කලූ මාසයක් ලෙසටත් ප‍්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අද මාර්තු 08 වෙනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා උතුෙර්ද ,නැගෙනහිර ද දකුණේදී ද විරෝධතාවන් පවත්වමින් ඔවුන් කියා සිටියේ " දිනපතා කාන්තාවන් සහ දැරියන් ලිංගික හිංසනවල ගොදුරුබවට පත්වී ඝාතනය වන විටදී අප කෙසේ කාන්තා දින සැමරුම් පවත්වන්නට දැයි” කියාය.

අපි මේ මාර්තු මාසය කලූ මාසයක් ලෙසට නම්කරන අතර මාසය පුරා අපි කලූ ඇදුම් පමණක් අඳින්නෙමු යැයි සිය නිවේදනයේ සඳහන් කරයි.

කාන්තාවන්ට හා දැරියන්ට එරෙහිව සමාජය තුළ මේතාක් සිදුවුණූ ලිංගික හිංසාවන් , ඝාතනවලට මෙන්ම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට මෙතෙක් නීතිය ක‍්‍රියාත්මක කර නොමැති අතර නීතියේ සාධාරණයක් ලැබිය හැකිය යන විශ්වාසයක් ද නැති බැවින් කාන්තාවන් සඳහා වු අද දිනය සහ මෙම මාසය රටේ සියළුම දෙනාට අඳුරු මාසයක් ලෙසට පත්කරන බව කාන්තා ක‍්‍රියාකාරි ජාලය පවසයි.


 
කිසිදිනෙක සමාජය තුළ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් පිළිනොගන්නෙමුු.

අපිඳු කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව හිංසනයේ නොයෙදෙමු.

කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩකරුවන් සේ අපගේ පිරිමින් පත්වීමට ඉඩ නොදෙන්නෙමු.

කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි හිංසනයට සාධාරණය ඉටුවන තෙක් අපි නිහඬ නොවෙමු යැයි කාන්තා ක‍්‍රියාකාරි ජාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර අද දිනය අඳුරු දිනයක් ලෙසට පෙන්වාදීමට සිය නිවෙස්වල, වෙළෙඳසැල්වල , ආයතනවල කළු කොඩියක් ඔසවා තබන ලෙසටත් කළු ඇඳුම් පැළඳුමින් සැරසෙන ලෙසටත් එම නිවේදනයෙන් ඉල්ලා සිටිණි.



එමෙන්ම, කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන හිංසාවන්ට සාධාරණයක් ඉටුකරන ලෙසටත් , කාන්තාවන්ට හා දැරියන්ට එරෙහි ලිංගික හිංසාව ජාතික ප‍්‍රශ්නයක් ලෙසට ප‍්‍රකාශකරන ලෙසටත් , නීතිපති දෙපාර්තමේන්තුවේ තැන්පත්ව තිබෙන නඩු කඩිනමින් විභාග කිරීමට විශේෂිත නීතිඥ කණ්ඩායමක්  පත්කරන ලෙසටත් කාන්තා ක‍්‍රියාකාරි ජාලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ජාත්‍යන්තර කාන්තා දිනය, කලූ කාන්තා දිනයක් ලෙසට ප‍්‍රකාශයට පත්කරමින් යාපනය කිළිනොච්චිය මඩකළපුව හා කොළඹ දී විරෝධතා කිහිපයක් පැවැත්විණි. 

-මෙලනි
ඡායාරූප ටැමිල් ගාර්ඩියන්




2016-03-08
Advertisement

Find us on Facebook