English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තාජුඞීන් ඝාතනයේ සැකකරුවන්ට චුදිතයින්ගෙන් අනිසි බලපෑම් !

ඝාතනයට ලක්කෙරුණු රගර් ක‍්‍රිඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදෙන තාජුඞීන්ගේ සමීපතම මිතුරන් දෙදෙනා ලබාදුන් කටඋත්තරවල පරස්පරතාවක් පවතින බව තහවුරු නොකළ ආරංචි මාර්ග පැවසු බව ලංකා නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම මිතුරන් දෙදෙනා තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවරැදි තොරතුරු දන්නා සමීපතමයින් දෙදෙනා බවට සඳහන් කරයි.

ජෙය ප‍්‍රකාශ් සහ තවුෆීක් යන මිතුරන් දෙදෙනා මෙසේ කටඋත්තර ලබාදී අති අතර ඔවුන් එම ප‍්‍රකාශ ලබාදීමේදි විශාල බියකින් හා පීඩනයකින් යුතුව නිවරැදි තොරතුරු නිසි ආකාරයෙන් ලබානොදුන්නේ යැයි සඳහන් කරයි.

තාජුඞීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන තරුණ දේශපාලනඥයෙකු සහ හමුදා නිළධාරීන් සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා මේ දක්වාම ගණුදෙනු කරමින් සිටින බවට ඔවුන්ගේ ජංගම දුරකථන බිල්පත් පරීක්‍ෂා කිරීමේදි තහවුරු වී ඇතැයි පැවැසේ.

තාජුඞීන් ඝාතනය සිිදුකළ වකවානුව තුළ (2012 මැයි 17) හෝ ඊට ආසන්න කාලය තුළදී කිරුළපන පොලිස් ස්ථානයේ සේවය කළ මුලස්ථාන පොලිස් පරීක්‍ෂක, එම පොලිස් ස්ථානයේම අපරාධ අංශයේ හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරුන් ද නාරාහේන්පිට  මුලස්ථාන පොලිස් පරීක්‍ෂක  හා අපරාධ අංශයේ ස්ථානාධිපති ද අපරාධ පරික්‍ෂණ අංශයේ කැඳවීම මත එහි පැමිණ ඔවුන්ගේ ප‍්‍රකාශ ලබාදි තිබුණි.

මෙම සිද්ධියට අදාළ රිය අනතුර සිදුවු ස්ථානය සම්බන්ධයෙන් ස්ථාන විමර්ශනයක් සිදුකිරීම සඳහා සිද්ධිය වු ස්ථානයට මුලින්ම ගොස් ඇත්තේ කිරුළපන මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වන අතර ඔහුගේ සටහන්වල සටහන් වී ඇත්තේ කොළඹ නාගරීක සීමාව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක එදින අලූයම 03.00 ට පමණ  සිද්ධිය සිදුුවු ස්ථානයට පැමිණි බවයි.

සාමාන්‍යයෙන් මෙවැනි රිය අනතුරක් සිදුවු ස්ථානයකට, අලූයම, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පැමිණීම ප‍්‍රබල සැකයකට තුඩුදෙන්නක් යැයි සඳහන් කරන ලංකා නිවුස් වෙබ් අඩවිය, මෙය පිටුපස අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් ඇති බවට මීට බොහෝ කාලයකට පෙර සිටම වාර්තා කළ බවත් දැනට වසර 04ක් ගෙවී ඇති මුත් ඔවුන්ගේ සැකය සනාථ වී ඇතැයි පවසයි.

-මෙලනි




2016-03-07
Advertisement

Find us on Facebook