English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බුුද්ධි අංශ ඒකක යළි සක‍්‍රීය කිරීමට නියෝග !

රට පුරා සීග‍්‍රයෙන් යළි හිස ඔසවමින් නෑගී එන ඝාතන රැල්ලත් , පාතල රැල්ලත් හේතුකරගෙන දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අනුයුක්තකර තිබු රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම ක‍්‍රියාත්මක කරන ලෙසට අගමැති රනිල් වික‍්‍රමසිංහ පොලිස්පතිවරයාට නියෝගකර ඇත.

දිවයින පුරා පොලිස් බල ප‍්‍රදේශවල සිදුවන මිනිමැරීම්, කොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් එම ප‍්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති ,ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ,පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වගකීම භාරගත යුතු බව අගමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශයට මෙසේ දැනුම්දී ඇත.

එමෙන්ම , පළාතේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයා ද වගකීම දැරිය යුතු බව අගමැතිවරයා සඳහන්කරයි.

පසුගිය දිනවල සිදුවු පාතාල සිද්ධීන් ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් එසේ වගකීම භාරගැනීමක් සිදුනොවුනු බැවින් මෙම නියෝගය නිකුත්කර ඇති බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වෙයි.

විවිධ ජාවාරම් සම්බන්ධයෙන් මෙන්ම පාතාල ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ආරක්‍ෂක අංශවලට තොරතුරු ලබාදීමට බුද්ධි අංශ ස්ථාපිතකර තිබු බව සඳහන්කරන එම නීවේදනය, රාජපක්‍ෂ රෙජීමය තුළදී එබ බුද්ධි අංශ අහෝසිකර ත‍්‍රස්ත විමර්ශන ඒකක සහ ත‍්‍රිවිද හමුදා බුද්ධි අංශවලට එම කාර්ය භාරය පවරා ඇතැයි සඳහන් කරයි.

-මෙලනි



2016-03-07
Advertisement

Find us on Facebook